මමීකරණ ක්‍රියාවලියේ පියවර 8

December 27, 2019

මමීකරණ ක්රියාවලියේ පියවර 8ක් තිබෙන බව ඔබ දැන සිටියාද..?????

කෙනෙක් මිය ගියායින් පස්සේ, ඒ කෙනාගේ දේහය සූර්යයා පවතින තුරුම ආරක්ෂා කරලා තියාගන්න ඕන කියලා පුරාණ ඊජිප්තුවරු විශ්වාස කළා. ඒ විශ්වාසය අනුව මිය ගිය අයගේ දේහයන්, ජීවානුහරණය නොවී කල් තබා ගන්න පුලුවන් වෙන විදිහට, මමීකරණයට ලක් කළා.

මමීකරණයේදී අභ්යන්තරයේ තියෙන අවයව කිහිරි ගස් තෙල් එක්ක දිය කරලා, ඒවා ගුද මාර්ගයෙන් පිටතට ඇද දැමීමක් කරනවා. ඊට පස්සෙ ශරීරය විජලනය කරනවා. සාමාන්යයෙන් මේ ක්රියාවලියට අවම වශයෙන් මාස දෙකකට වඩා ගත වෙලා තියෙනවා.

මමීකරණ ක්රියාවලියේ පියවර 8ක් තිබිලා තියෙනවා. ඒ තමයි,

01. ශරීරය සෝදා පිරිසිදු කිරීම
02. අභ්යන්තරික අවයව ඉවත් කිරීම
03. මොළය ඉවත් කිරීම
04. ශරීරය වියලීම
05. ශරීරය පිරවීම
06. ශරීරය ලිනන්වලින් එතීම
07. පළදනා වලින් ආවරණය කිරීම
08. යාඥා කිරීම

* වැඩි විස්තර සඳහා : https://historicaleve.com/why-did-egyptians-mummify-their-dead-what-are-the-steps-in-the-mummification-process


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.historicaleve.com/

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.