රූපලාවන්‍ය ක්ෂේත්‍රය සඳහා නව ව්‍යවසායකයන් බිහි කරන ව්‍යවසායිකාවක් – අනූෂා ලියනාරච්චි

අද අපේ සාකච්ඡාව ගෙන එන්නෙ ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනියක් එක්ක. ඇය අනූෂා ලියනාරච්චි මහත්මියයි. අනූෂා ලියනාරච්චි මහත්මිය කියන්නෙ ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ වසර 30කට වඩා අත්දැකීම් තියෙන, අපේ රටේ නවක රූපලාවන්‍ය ශිල්පීන්ගේ අනාගතය සඳහා නව මංපෙත් විවර කර දෙන, නව ව්‍යවසායකයන් බිහි කරන ව්‍යවසායිකාවක්.

රූපලාවන්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ කොහොමද? ඒ සඳහා අවශ්‍ය කරන දැනුම ලබා ගන්නෙ කොහොමද? කුසලතා වර්ධනය කරගන්නෙ කොහොමද? මූල්‍යමය පරිසරය සකසා ගන්නේ කොහොමද? උදව් ලබා ගන්නෙ කාගෙන්ද? රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ තියෙන අභියෝග මොනවද? රැකියා අවස්ථා සහ වැටුප් ප්‍රමාණයන් මොනවද? ආදී වශයෙන් රූපලාවන්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්න බලාගෙන ඉන්න නවකයන් සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වන කරුණු රැසක් ගැන අපි අද සාකච්ඡාවේදී කතා බහ කරනවා.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.