ලෝකයේ පළවෙනි 3D ඉබි කට්ට?

February 10, 2020

බ්‍රසීලයේ ලැව් ගින්නකට අහු වෙලා ඉබි කට්ටෙන් වැඩි ප්‍රමාණයක් (85%ක් විතර) අහිමි වුණු ඉබ්බෙකුට ලෝකයේ පළවෙනි ත්‍රිමාණ මුද්‍රිත ඉබි කටුව සවි කිරීමේ පුවතක් පසුගිය සතියක වාර්තා වුණා.

Freddy කියන සුරතල් නාමයෙන් හඳුන්වන මේ ඉබ්බාගේ කටුව කොටස් 4කට තමයි මුද්‍රණය කරලා තියෙන්නෙ. එහෙම මුද්‍රණය කරපු කොටස් 4 අන්තිමට එකට එකතු කරලා පින්තාරු කිරීමක් කරලා තියෙනවා.

මේ 3D Pinting තාක්ෂණය මීට කලිනුත් තුවාල සහ ආබාධ වුණු සතුන් වෙනුවෙන් යොදා ගෙන තියෙනවා.

විශේෂයෙන්ම හොටට හානි වුණු කුරුල්ලන්ට (ගිරව්, මැකෝ, පාත්තයන්, ටෝකන්), අලුත් 3D Printed හොටවල් එහෙම නිර්මාණය කරලා තියෙනවා.


උපුටා ගැනීම් :
* වීඩියෝව : Inside Edition | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.