ලෝක ආගම්වල ව්‍යාප්තිය

සංවිධානාත්මක ආගම් (Organized religions) වනාහි ඇදහිලි,විශ්වාස, හා ඉගැන්වීම් පද්ධතියක් වටා ගොඩ නැගුන සමාජ ව්‍යුහයන්ය. එම ව්‍යුහයන්හි පූජනීය ග්‍රන්ථ, පූජනීය ස්ථාන, පූජනීය වස්තු, පූජ්‍ය-පූජක පක්ෂයන්, චාරිත්‍ර-වාරිත්‍ර, වන්දනා ක්‍රම, ඇතුළත් සංස්කෘතියක් හා අනුගාමිකයන් තුළ “අපේ කමක්” නැතිනම් සාමූහික විඥානයක් දැක ගත හැකිය. එමෙන්ම අද තිබෙන ප්‍රධාන ආගම් මේ තත්වයට පත්ව ඇත්තේ වසර සිය දහස් ගණනක පරිනාමයේ ප්‍රතිපලයක් ලෙසය. තවද බුදු දහම, ජෛන ආගම හැරෙන්නට අනෙකුත් සියලුම ආගම් පාහේ (විශේෂයෙන් කිතුනු හා ඉස්ලාම් ආගම්) ලොව පතුරුවා ඇත්තේ කඩුවේ-තුවක්කුවේ බලයෙන් අන්‍යාගමික රටවල් ආක්‍රමණය කොට ආගම බලෙන් ඔවුන් මත පැටවීමෙනි.

ලෝකයේ පුරාණ මිනිසුන් ස්වභාවධර්මයේ විවිධ බලවේග වලට දේවත්වය ආරෝපණය කොට වන්දනා කළහ. ඒ අනුව ලොව මුල්ම ආගම් බහු දේව වන්දනාවෙන් යුතු ඒවා විය. පුරාණ ඉන්දියාවේ වෛදික ආගමද, ග්‍රීක ආගමද, රෝමයේ හා යුරෝපීය සෙසු රටවල පේගන් ආගම්ද, ඊජිත්තු ආගමද, නෝමන් ආගමද, ඇතුළු ලොව බොහෝ රටවල තත්වය මෙයාකාර විය.

එනමුත් පසුකාලීනව ඒක දේවවාදී ආගම් නැගවිත් බහු දේවවාදී ආගම් ගිලගනු දැකගත හැකිය. එහි ආරම්භකයා පර්සියාවේ ක්‍රි.පූ.1500 පමණ උපන් සරතුස්ත්‍රා නම් දාර්ශනිකයය. ඔහුගේ ඉගැන්වීම් ඇතුළත් ආවේස්තා නම් ශුද්ධ ග්‍රන්ථය අනුව සිටින්නේ අහුරමස්දා නම් එකම සර්ව බලධාරී දෙවි කෙනෙකි. ඔහු ලෝකයේ, දේව දූතයන්ගේ, සහ මිනිසුන් ප්‍රමුඛ සත්වයන්ගේ නිර්මාපකයා බව හේ ප්‍රකාශ කළේය. ඔහු මැව් දේවදූතයන්ගෙන් කොටසක් ආන්ග්‍රමන්යු නම් දේව දූතයාගේ නායකත්වයෙන් අහුරමස්දාගේ පාලනයට එරෙහිව කැරලි ගැසූහ. එහෙයින් ඔවුන්ව ස්වර්ගයෙන් නෙරපනු ලැබූහ.

දෙවියන් ආලෝකය හා යහපත නියෝජනය කරන අතර ආන්ග්රමන්යු ඇතුළු කැරලිකාර දේව දූතයන් නපුර හා අයහපත නියෝජනය කරන යක්ෂයන්ය. මිනිසාට ගැලවීම ලැබිය හැක්කේ දෙවියන්ට අවනතව යහපත කිරීමෙනි. යක්ෂයන් මිනිසුන් නපුරට පොළඹවයි. ඔවුන්ගේ වසඟයට ගියහොත් මිනිසෙක් දෙවියන්ගේ රැකවරණයෙන් පිරිහී, ඔහුට මරණින් මතු අත්වන්නේ විනාශයයි. එහෙයින් ජීවිතය වනාහි පරික්ෂාවකි.

කවදා හෝ දෙවියන්වහන්සේ මළවුන් නැගිටවා අන්තිම තීන්දුවක් දෙන දිනයක් එළඹෙන්නේය. එදිනට දෙවියන්ට අවනතභාවය හා කල හොඳ-නරක අනුව මිනිසෙකුට සදාකාලික නිරය හෝ සදාකාලික ස්වර්ගය හිමි වන්නේය.

Zoroastrianism ආගම ඇදහූවන් ගින්න ශුද්ධ වූ දෙයක් ලෙස සැලකූහ. එහෙයින් අන්‍යයන් ඔවුන් ගිනිදෙවියන් පුදන්නන් ලෙස වරදවා වටහා ගත්හ. Zoroastrianism ආගම කලක් අධිරාජ්‍යයක්ව වැජඹුණු පර්සියාවේ (ඉස්ලාම් ආක්‍රමණයෙන් අනතුරුව වර්තමානයේ ඉරානය යයි හැඳින්වෙන රට ) රාජ්‍ය ආගම විය. පර්සියන් අධිරාජ්‍යයේ බලපෑම අසල්වැසි මැදපෙරදිගට තදින් දැනුනි. එහෙයින් මැදපෙරදිග ජුදා දේශයෙහි(වර්තමාන ඊශ්රාලය ) ප්‍රභවය ලැබූ යුදෙව් ආගම Zoroastrian ආගමේ සංකල්ප වලින් සම්භවය ලැබූවක් විය. යුදෙව් ආගමේ ශුද්ධ ග්‍රන්ථය වනාහි ටෝරා ග්‍රන්ථයයි.

යුදෙව් දේශයෙහි ප්‍රබල රජෙකු වී සිටි සොලමන් රජතුමන්ගේ කාලයෙහි පැවතී ආගමික සම්මන්ත්‍රනයකින් මෙම ග්‍රන්ථය සකස් කෙරුණි. ඒ අනුව විවිධ යුග වල විවිධ පූජකයන්,රජවරු,දිවැසිවරු විසින් ලියැවුණු ආගමික ලියවිලි රැසක් එක්රැස් කිරීමෙන් මෙම ග්‍රන්ථය සැකසුණි. මෙහි යහපත් ඉගැන්වීම් මෙන්ම, නපුරු ආක්‍රමණික ඉගැන්වීමද බහුලය. එමෙන්ම ටෝරා ග්‍රන්ථයේ සර්වබලධාරී දෙවියන්වහන්සේ යයි හැඳින්වෙන යොහෝවා /යාවේ දෙවි, විටෙකදී කාරුණික වුවද, ඉතා දැඩි, නපුරු, තමන්ගේ නියාමයට අවනත නොවන ජාතීන් වනසා දමන (සොදොම් හා ගොමාරා නගර ඒවායේ පැතිරී තිබූ සමලිංගික සේවනය නිසා ; ගින්නෙන් සපුරා වනසා දැමීම ), එක අවස්තාවක මහා ගංවතුරකින් මුළු සත්ව සංහතියම වනසා දැමූ අයෙකු ලෙස නිරූපිතය. මිනිස් වර්ගයා හා සෙසු සතුන් පැවතෙන්නේ දෙවියන්ගේ අණින් නෝවා නැමති දෙවියන්ට අවනත තැනැත්තා තනා ගත් නෞකාවකට (Novas Ark ) ගොඩ වී දිවි රැක ගත් ස්වල්ප දෙනාගෙනි.)

අන්‍ය ආගමිකයන් සමූලඝාතනය කරන මෙන් හා ඔවුන්ගේ පූජ්‍ය ස්ථාන වනසා දමන මෙන් දෙන අණ ටෝරා ග්‍රන්ථයෙහි තිබේ.

උදා:
ද්විතීය කතාව
12 “ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඔබට හිමි කරගන්න අවසර දී ඇති දේශයට ගිය පසු ඔබ පිළිපැදිය යුතු නීතිරීති ගැන මා සඳහන් කරන්න කැමතියි. ඔබේ ජීවිත කාලය පුරාම ඔබ ඒ නීතිරීති පිළිපැදිය යුතුයි. 2 ඔබ ඒ දේශයට ගිය පසු, ඔබ පලවාහැරිය ජාතීන් තම දෙවිවරුන්ව ඇදහීම සඳහා කඳු මුදුන්වල හා සරුවට වැඩුණු ගස් අසල තනා ඇති පූජනීය ස්ථාන ඔබ දකියි. ඔබ ඒවා සහමුලින්ම විනාශ කර දැමිය යුතුයි. 3 ඔවුන් තම නමස්කාරය සඳහා ඉදි කළ පූජාසන හා කණු කඩා බිඳ දමන්න. ඔවුන්ගේ කුලුනු දවා දමන්න. ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූපද කඩා දමන්න. ඒ දෙවිවරුන්ගේ නම් පවා ඔබ එම ස්ථානවලින් මකා දැමිය යුතුයි.

මෙම ටෝරා ග්‍රන්ථය කිතුනුවන් ඔවුන්ගේ බයිබලයේ පරණ තෙස්තමේන්තුව ලෙස ඇතුළත් කරගෙන තිබේ. අතෙකින් බයිබලයද අනිත් අතින් බයිනෙත්තුවද ගෙන ලංකාව හා අපරදිග රටවල් ආක්‍රමණය කළ පෘතුගීසීන් වැනි බටහිර ජාතීන් ස්වදේශිකයන් සමූලඝාතනය කොට කැලණිය විහාරය වැනි පූජ්‍යස්ථාන අති විශාල ප්‍රමාණයක් වනසා දැමුවේ මෙම ඉගැන්වීම් අනුගමනය කරමින් විය හැක.

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ රබ්බායිවරයෙකු එනම් යුදෙව් පූජකයෙකු වීය. එතුමා තරුණ කාලයේ ඉන්දියාවට හා ටිබෙටයට පැමිණ බුදු දහම ඉගෙන ගත බවට සාක්ෂි රැසක් ඇති අතර ඒ පිළිබඳව Jesus lived in India , ජේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ වැනි පොත්පත් ලියවී තිබේ. ටිබෙටයේ ඇති ඉසානාත සූත්‍රය අනුව ජෙසුස්වහන්සේ ටිබෙටයේ මියගිය ලාමා වරයෙකුගේ පුනරුත්පත්තියකි. උන්වහන්සේ උපන් දින ත්‍යාග රැගෙන ආ පෙරදිග ප්‍රඥාවන්තයන් තිදෙනා රජවරුන් නොව ටිබෙට් ලාමාවරුන්ය. අදටත් ලාමාවරයෙකු මිය ගිය කල විවිධ අධිමානසික ක්‍රම වලින් ඔහුගේ පුනරුත්පත්තිය සොයා යෑමේ ක්‍රමය ටිබෙටයේ ක්‍රියාත්මකය. (බලන්න: Little Buddha චිත්‍රපටය )

ජේසුස් වහන්සේ යුදෙව් දේශයට පෙරලා පැමිණ බෞද්ධ ඉගැන්වීම් යුදෙව් ජනතාවට තේරුම් ගත හැකි යුදෙව් සංකල්ප වලින් ඉගැන්වූවා වීමට ඉඩ තිබේ. එමෙන්ම උපතින් යුදෙව්වෙක් වූ ජෙසුස්වහන්සේ බුදුදහම උගත් මුත් සර්වබලධාරී දෙවියන්වහන්සේ කෙරෙහි තවමත් විශ්වාසය තැබුවා වන්නට ඇත. පරණ තෙස්තමේන්තුවේ මෙන් නොව ජේසුස් වහන්සේගේ හා ඔහුගේ ගෝලයන්ගේ ඉගැන්වීම් ඇතුළත් බයිබලයේ අලුත් තෙස්තමෙන්තුවෙහි විග්‍රහ කෙරෙන්නේ දෙවියන්වහන්සේ ප්‍රේමනීය කාරුණික අයෙකු ලෙසය. එමෙන්ම “කන්ද උඩ දේශනාව” ආදී, ප්‍රේමය,දයාව,පරිත්‍යාගය, සමාව දීම,අල්පෙච්චභාවය,මෘදු භාවය ආදියෙහි වැදගත්කම අවධාරනය කෙරෙන වැදගත් ධාර්මික ඉගැන්වීම් රාශියක් බයිබලයේ අලුත් තෙස්තමෙන්තුවෙහි අන්තර්ගතය.

එහි නපුරු, නරක ඉගැන්වීම් ද නැත්තේ නැති නමුදු (උදා: ජේසුතුමන් ලූක් 12: 49-53 පාඨය මගින් , “මම පොලව මත ගිනි ලන්නට ආවෙමි. එය දැනටම ඇවිලී තිබේනම් කොපමණ හොඳද?” කියා. තව දුරටත් කතා කරමින්, “පොළොවෙහි සාමය දෙන පිණිස ආවෙමියි ඔබ සිතන්නාහුද? එසේ නොවේ. මා ආවේ භේද ඇති කරන පිණිස ය” යි ප්‍රකාශ කරනවා.) සාපේක්ෂව එබඳු ඉගැන්වීම් ඉතා අල්පය. පැහැදිලිවම බයිබලයේ තෙස්තමේන්තු දෙකෙහි ඇත්තේ ආගම් දෙකක එකතුවකි.

ජේසුස් වහන්සේට වැඩිකල් තම දේශනාව කරන්නට නොලැබුණි. එකල යුදා දේශය රෝමයේ පාලනයට නතුව තිබූ අතර යුදෙව් පූජකයන්ගේ බලපෑමෙන් ප්‍රාදේශීය රෝම පාලක පිලාත්ගේ අණින් උන්වහන්සේ කුරුසයේ ඇන ගසා මරා දැමුණි. ඊට හේතු වූයේ ජෙසුස්වහන්සේගේ නැගීම තමන්ට තර්ජනයක් කොට සැලකූ යුදෙව් පූජකයන්, උන්වහන්සේ රෝම පාලනයට එරෙහිව කැරලි ගැසීමට ජනතාව පොළඹවතියි රෝම ප්‍රාදේශීය පාලකයන්ට ගතු කීමය.

ජෙසුස්වහන්සේ කුරුසයේ එල්ලී සිටියදීද සර්වබලධාරී දෙවියන් තමන්ට පිහිට වනු ඇතැයි සිතුවේය. එය ඉටු නොවුණු තැන “දෙවියනි,දෙවියනි,ඔබ මා අත හැර දැමුවේ ඇයි?” දැයි උන්වහන්සේට කියැවුණි. (එලී එලී ලාමා සබක්තානී)

උන්වහන්සේ මල පසු උන්වහන්සේ මළවුන්ගෙන් අවදි වූ බවත්, ගෝලයන් හා කතා කළ බවත්, ඉන්පසු සිරුරින්ම ස්වර්ගයට නැගී ගිය බවත් කතාවක් ගෝලයෝ පතුරුවා හැරියහ. ඇතැමුන් මත පල කරන්නේ උන්වහන්සේ සිහි මුර්ජා වූවා පමණක් බවත් පසුව පෙරලා ටිබෙටයට පලා ගිය බවත්ය.

කෙසේ වුවද ජේසුස්වහන්සේගෙන් පසු කිතු දහම රෝම පාලනය යටතේ මර්දනය කෙරුණි. එනමුත් දුප්පතුන් රහසේ කිතු දහම ඇදහූහ. ජෙසුස්වහන්සේගේ අනුප්‍රාප්තිකයා වූ පේදුරුතුමා(St Peter) ද පසුකලෙක කුරුසයේ එන ගසා මරා දැමුණි. එනමුත් ලීනස්තුමා ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස තෝරා ගැනුනි. මෙලෙස ආ අනුප්‍රාප්තික පෙළපත පාප් වහන්සේලා ලෙස හැඳින්වුන අතර කතෝලික ආගමේ නායක පාප් වහන්සේ එම අඛණ්ඩ පරපුරෙන් පැවත එයි.

කලෙක රෝමයේ කොන්ස්ටන්ටයින් අධ්රාජ්‍යයා කිතු දහම වැළඳ ගැනීම රෝමානු කතෝලික ආගමේ ප්‍රභවය හා කිතු දහමේ නැගීමේ ආරම්භයයි. ඔහු ක්‍රි.ව. 325 දී ආගමික සම්මේලනයක් පවත්වා කිතුනු ශුද්ධ ග්‍රන්ථය වූ බයිබලය සංගෘහිත කළේය. රෝම අධිරාජ්‍යය පුරා ඉන් පසු කිතු දහම පැතිර ගිය අතර, ඔවුන් ආක්‍රමණය කල අලුත් රටවල් වලටද කිතුනු ආගම බලෙන් පැටවුණි. පේගන් බහු දේව වන්දනා ආගම් වනසා දැමුණි. ඇලෙක්සැන්ද්‍රියා විශ්ව විද්‍යාලය වැනි අන්‍යාගමික පතපොත තිබූ මධ්‍යස්ථාන, අන්‍යාගමික පූජ්‍යස්තාන ගිනිලා වනසා දැමුණි.

කොන්ස්ටන්තිනොපලයේ රෝම අධිරාජ්‍යය පසු කලෙක ඉස්ලාම් ආක්‍රමණයෙන් අභාවයට ගියද (1453) කිතු දහම වැළඳ ගත් බටහිර රටවල් ආගම පැතිරවීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන ගියේය. මුල්ම කාලයේදී එම අධිරාජ්‍යවාදී ක්‍රියාවලියේ නියුක්ත වූවේ බලවත් කතෝලික රටවල් දෙකක් වූ ස්පාඥ්ය (Spain ) හා පෘතුගාලයයි. එම රටවල් වල හමුදා අතර රටවල් ආක්‍රමණයට ගැටුම් ඇතිවීය . එනිසා 1494 ජුනි 07 පෘතුගාලයේ Setúbal හි අත්සන් කළ Treaty of Tordesillas ගිවිසුමෙන් එකල පාප්වහන්සේ (Pope Alexander VI) ලෝකය අප්‍රිකාව හරහා දෙකට බෙදා පෘතුගීසි හා ස්පාඥ්ය (Spaish ) ජාතීන්ට ලොව පෙරදිග හා අපරදිග දෙපසට ආක්‍රමණය කිරීමට අවසර දුන්නේය.

ජෙසුස්වහන්සේ උපන් ශුද්ධ භූමිය මුස්ලිම් ආක්‍රමණිකයන්ගෙන් මුදා ගැනීම උදෙසා යුරෝපීය ජාතීන් කුරුස යුද්ධ වලට කැඳවීම, Treaty of Tordesillas ආදී දේශපාලනික ක්‍රියාවලීන් රාශියකට පාප් වහන්සේලා නායකත්වය දී තිබේ. එහෙයින් කතෝලික සභාව කිසිදා හුදු ආගමික ආයතනයක් නොවීය. අදද එසේ නොවේ. කතෝලික ආගමේ, කතෝලිකයන්ගේ රැකවරණය සහ ආගම පතුරුවා හැරීම උදෙසා ප්‍රබල දේශපාලන ක්‍රියාවලියක කතෝලික පල්ලිය නිරත වේ.

මෙය සිහි ගන්වන්නේ ගාන්ධිතුමාගේ කියමනකි.

“Truth has drawn me into the field of politics; and I can say without the slightest hesitation, and yet in all humility, that those who say that religion has nothing to do with politics do not know religion nor politics. ”
– Mahatma Gandhi

කතෝලික පල්ලිය ඉතා ප්‍රබල දේශපාලන හා ආගමික සංවිධානාත්මක ව්‍යුහයකින් යුතු ආයතනයකි. පාප්වහන්සේ වනාහි වතිකානුවේ රාජ්‍ය නායකයාය. ( Head of state of Vatican City, a sovereign city-state entirely enclaved within the Italian capital city of Rome) එහි වෙනම ආගමික හමුදා-පොලිසි පවා පවතී.

පාප්වහන්සේගේ නායකත්වයෙන්, කාදිනල්වරු හා ප්‍රධාන බිෂොප්වරු( Arch Bishop) , බිෂොප්වරු හා පියතුමන්ලා විවිධ රට වල කතෝලික ප්‍රජාවනට නායකත්වය දෙයි. එම නායකත්වයට ඔවුන් පවසන්නේ බැටළු රැලක් ගොපල්ලා විසින් මෙහෙයවනවා වැනිය කියාය.

උඩින් පෙනෙන මෙම සභාවට අමතර Opus Dei වැනි රහසිගත සංවිධානද, විවිධ ඔත්තු සේවා, බුද්ධි අංශ ආදියද කතෝලික සභාව තුළ ක්‍රියාත්මකය. ඔවුන් කතෝලිකයන්ගේ ප්‍රබල සතුරන් රහසේ ඝාතනය කිරීම් පවා සිදු කරයි.

අනෙක් අතින් බටහිර දේශපාලනය රහසේ හසුරවන ප්‍රබල හස්තය කතෝලික පල්ලියයි. වර්තමානයේ ඉස්ලාම් රටවල් වලට එරෙහිව බටහිර රටවල් මෙහෙයවන නූතන කුරුස යුද්ධය පිටුපස සිටින්නේද කතෝලික පල්ලියයි.

කතෝලික පල්ලියෙන් උගත හැකි පාඩම වනාහි සංවිධානාත්මක මධ්‍යගත ආගමික ආයතනයක ශක්තියයි. කවුරු ආවද, කවුරු ගියද එම ශක්තිමත් සංවිධානය බිඳ වැටෙන්නේ නැත. මන්දයත් එහි අරටුව ශක්තිමත් හෙයිනි. අනෙක් අතින් එහි දුර්වලතාව වන්නේ එම මධ්‍යගත පාලනයට අනුගත වීමට අකමැති බොහෝ දෙනා කඩාගෙන ගොස් වෙනත් ක්‍රිස්තියානි නිකායන් බොහෝ ගණනක් පිහිටුවා ගැනීමයි. ඉතිහාසයේ එබඳු රෙපරමාදු සභා පිළිගත් රටවල් හා කතෝලික රටවල් අතර දැවැන්ත යුද්ධ හා ගැටුම් සිදු වී තිබේ. (උදා: පෘතුගීසි-ලන්දේසි ගැටුම). අදද වෙනත් සභාවන් හා කතෝලික පල්ලිය අතර අර්බුද පවතී.

බෞද්ධ ශාසනික ආගමික සංස්ථාව විමධ්‍යගත වූවකි. (De Centralized ). එහෙයින් විව්ධත්වයට හා නායකත්වයන් රැසකට ඉඩ ලැබී තිබේ. විවිධත්වය තුළ ඒකීයත්වය (Unity within diversity ) ක්‍රියාත්මකය. මධ්‍යය හා හතුරු නිකායන් බිහි වී මහා පරිමාන ගැටුම් ඇති වීමක් නැත. එය වාසියකි. එනමුත් අවාසිය සංවිධානාත්මකබව අවම වීමය.

බයිබලය වනාහි කිතුනුවන්ගේ ආගමික ග්‍රන්ථයයි. කුරාණය මුස්ලිම්වරුන්ගේ ආගමික ග්‍රන්ථයයි. එම ආගම් දෙකම මැදපෙරදිග ප්‍රදේශයේ ප්‍රභවය ලැබූ ආගම් වේ.ඒවාට කියනුයේ එබ්‍ර්හාමික ආගම් කියාය. එම ආගම් දෙකේම ඉගැන්වීම් බොහෝ දුරට සමානය.

විශේෂයෙන් කුරාණය සමාන වන්නේ බයිබලයේ නව තෙස්තමේන්තුවට නොව පරණ තෙස්තමෙන්තුවටය(යුදෙව් ටෝරා ග්‍රන්ථය ).

ඊට හේතු වී ඇත්තේ ක්‍රි.ව. 570 දී මහම්මද්තුමා උපත ලැබූ මැද පෙරදිග අරාබීන් අතර කිතුනුවන් නොව බොහෝ යුදෙව් ගෝත්‍ර සිටීමය. එනිසා ඔවුන් ඇසුරෙන් උගත් යුදෙව් ආගමික ඉගැන්වීම් අනුසාරයෙන්ම, එකල අරාබියේ තිබූ බහු දේව වන්දනාවට එරෙහිව මහම්මද්තුමා ඒකදේවවාදී ඉස්ලාමය දේශනා කිරීමය. මහම්මද්තුමාගේ නායකත්වයෙන් මුස්ලිම්වරුන්ට යුද ගැටුම් රාශියකින් පසු මක්කම ආක්‍රමණය කොට එකල පවතී අරාබි බහු දේව වන්දනාව වනසා දැමිය හැකි විය. මක්කම වන්දනා වූ දේව පිළිම 360ක් විනාශ කල බව කියවේ.

මහම්මද්තුමා කිසිසේත් හුදු ආගමික නායකයෙකු නොවීය. ඔහු දේශපාලනයේ නියුක්ත ජන නායකයෙකු, හා යුද සෙනෙවියෙකුද විය. 632 දී ඔහුගේ අභාවයෙන් පසු එතුමාගේ අනුප්‍රාප්තික වූ කාලිෆ්වරයෙකු පත් කර ගැණුනි. පසුකලෙක කාලිෆ් තනතුර අධිරාජ්‍යයෙක් මට්ටමට වර්ධනය විය. එනමුත් පාප් වහන්සේ මෙන් නොව එම කාලිෆ් තනතුර අඛණ්ඩව පවත්වා ගැනීමට මුස්ලිම්වරු අපොහොසත් විය. විවිධ ප්‍රදේශ වල විවිධ කාලිෆ්වරු මතු වී, විවිධ දේශපාලන අර්බුද හා ගැටුම් වලින් කාලිෆ් තනතුර අතුරුදහන්ව ගියේය.

මහම්මද්තුමා ඉස්ලාම් ධජය යටතේ අරාබිකරය ආක්‍රමණික ක්‍රියාවලියකින් එක් සේසත් කළේය. ඔහුගේ අනුප්‍රාප්තිකයන් ආක්‍රමණික ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගොස්, පර්සියන් අධිරාජ්යද සෙසු රටවල්ද පරදවා මුළු මැද පෙරදිග හා අප්‍රිකාවේ ඉහල කොටසද ඉස්ලාමයේ යටතට ගෙන ආහ. ඉන්පසු එම ආක්‍රමණය යුරෝපය වෙතද පැතිර ගියේය. ස්පාඥ්ඥය (Spain ) මුස්ලිම්වරුන්ට යටත් විය. එම ආක්‍රමණය ප්‍රංශය වෙතද පැතිරෙමින් තිබූ මුත් චාල්ස් මාටල් සෙනෙවියා ප්‍රමුඛ ප්‍රංශ හමුදාවන් Tours රණ බිමේදී මුස්ලිම් හමුදා පැරදවීමෙන් පසු එම ක්‍රියාවලිය කන පිට හැරුණි. (In 732 AD, Abdul Rahman Al Ghafiqi and a large army of Muslim horsemen from Al-Andalus advanced 500 kilometres (311 miles) deep into France, and were stopped at Tours by Charles Martel and his infantry igniting the Battle of Tours. The outcome was defeat for the Muslims, preventing France from Islamic conquest.)

යුරෝපය මුස්ලිම් ආක්‍රමණයෙන් මුදවා ගෙන ඔවුන් තුර්කියට හා අප්‍රිකාවට පන්නා දැමීමට ක්‍රිස්තියානීන් සමත් වූහ. එනමුත් ඉස්ලාම් ආක්‍රමණය ලොව පුරා පැතිර ගියේය. ඉන්දියාව පවා මෙම ආක්‍රමණයට ගොදුරු වී මෝගල් අධිරාජ්‍යය බිහි විය. ක්‍රි.පූ 250 දී ධර්මාශෝක අධිරාජ්‍යයා ලොව පුරා ධර්ම දූතයන් යැවීමේ ප්‍රතිපලයක් ලෙස බුද්ධ ධර්මය ලොව පුරා පැතිර ගියේය. ඇෆ්ගනිස්තානය, පකිස්තානය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, මැලේසියාව, මාලදිවයින ආදී අද මුස්ලිම් රටවල් බොහොමයක් එකල බෞද්ධ රටවල් විය. බොහෝ වෙහෙර විහාර, බාමියන් ආදී බුදු පිළිම, නාලන්දා වැනි බෞද්ධ විශ්ව විද්‍යාල පැවතුනි. ඒවා මුස්ලිම් ආක්‍රමණයට ගොදුරු විය. බෞද්ධයන් දහස් ගණනින් මරා දමා බලෙන් ඉස්ලාම්කරණය කෙරුණි. සූෆී නම් ගූඪ (Mystic) ඉස්ලාමීය නිකායේ ඉගැන්වීම් හා උපමා කතා වල බෞද්ධ ඉගැන්වීම්,භාවනා ආදිය අන්තර්ගතය. ඊට හේතුව සූෆිවරු ප්‍රභවය වන්නේ බලෙන් ඉස්ලාම් කල බෞද්ධයන්ගෙන් වීමයි.

කලින් බෞද්ධ රටක් වූ ඉන්දුනීසියාවේ ව්‍යවස්ථාවේ පදනම ලෙස දක්වා ඇත්තේ පංච ශීලයයි. එනමුත් පංච ශීලයට වෙනත් අර්ථ නිරූපනයක් දී ඇත.

(Pancasila (pronounced [pantʃaˈsila]) is the official philosophical foundation of the Indonesian state.[1] Pancasila consists of two Old Javanese words (originally from Sanskrit): “pañca” meaning five, and “sīla” meaning principles. It comprises five principles held to be inseparable and interrelated:

Belief in the absoluteness of God (in Indonesian, Ketuhanan Yang Maha Esa).
Just and civilised humanity (in Indonesian, Kemanusiaan Yang Adil dan Beradab).

The unity of Indonesia (in Indonesian, Persatuan Indonesia).

Democracy guided by the inner wisdom in the unanimity arising out of deliberations amongst representatives (in Indonesian, Kerakyatan Yang Dipimpin oleh Hikmat Kebijaksanaan, Dalam Permusyawaratan Perwakilan).

Social justice for all of the people of Indonesia (in Indonesian, Keadilan Sosial bagi seluruh Rakyat Indonesia).)

මෙලෙස ආක්‍රමණික ප්‍රතිපත්තියක් මුස්ලිම්වරු ක්‍රියාත්මක කළේ ඔවුන්ගේ කුරාණයේ හා හදීත් වල අන්තර්ගත කෲර හා ආක්‍රමණික ඉගැන්වීම් වලින් ආභාසය ලැබීමෙන් බව පැහැදිලිය.

කුරාණයේ මෙබඳු වැකි බොහෝ අන්තර්ගතය.

2:191 And slay them wherever ye find them, and drive them out of the places whence they drove you out, for Al Fitnah (Idolatry ) is worse than slaughter.: (ඔවුන් දුටු තැන මරා දමන්න. ඔබව පලවා හරියාක් මෙන් ඔබ ඔවුන්ව පලවා හරින්න. පිළිම වන්දනය මහා මනුෂ්‍ය ඝාතනයකට වඩා නරක දෙයකි. )

2:193 And fight them until Al Fitnah (Idolatry ) is no more, and Allah’s religion reigns supreme. (පිළිම වන්දනාව තව දුරටත් නැති වී අල්ලාහ්ගේ ආගම වැජඹෙන තෙක් ඔවුන් හා සටන් කරන්න.

9:5 (sword verse )Then, when the sacred months have passed, slay the idolaters wherever ye find them, and take them (captive), and besiege them, and prepare for them each ambush. But if they repent and establish worship and pay the poor-due, then leave their way free. Lo! Allah is Forgiving, Merciful.

ශුද්ධ වූ මාස ඉක්ම ගිය පසු පිළිම වන්දනා කරන්නවුන් දුටු තැන මරා දමන්න. ඔවුන්ව අත්අඩංගුවට ගන්න. එනමුත් ඔවුන් පසුතැවිලි වී ඉස්ලාම් වැළඳ ගතහොත් ඔවුන් අත හරින්න.

මෙලෙස කිසිදා ආගම පැතිරවීමට ප්‍රචන්ඩත්වය භාවිතා නොකිරීම හා බෞද්ධ ත්‍රිපිටකය මෙබඳු කුරිරු ඉගැන්වීම් වලින් තොර කරුණා මෛත්‍රියෙන් පිරී ඉතිරුණක් වීම බුදු දහමේ සුවිශේෂීයත්වයයි.


උපුටා ගැනීම් :
* ඡායාරූපය 01 : www.ancient-origins.net
* ඡායාරූපය 02 : www.christianity.com
* ඡායාරූපය 03 : Unknown
* ඡායාරූපය 04 : www.desktopnexus.com
* ඡායාරූපය 05 : Gerard David
* ඡායාරූපය 06 : www.stmuhistory.org
* ඡායාරූපය 07 : www.publicchristianity.org
* ඡායාරූපය 08 : Unknown
* ඡායාරූපය 09 : www.hdfreewallpaper.net
* ඡායාරූපය 10 : www.newworldempires.com
* ඡායාරූපය 11 : www.klook.com
* ඡායාරූපය 12 : www.foreignpolicy.com

eLearning.lk නිවේදනය
මෙම පල කිරීමේ සඳහන් වන කිසිවක් eLearning.lk අප ආයතනයේ අදහස් නොවන බව කරුණාවෙන් සළකන්න.

නීතිඥ යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධරයෙක්. එමෙන්ම බෞද්ධ හා හින්දු ධර්මයන් පිළිබඳ පර්යේෂකයෙක්. "Buddhist Answers for Critical Questions" නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කළ යලිත් විජේසුරේන්ද්‍ර මහතා, ලෝකයාට සත්‍යයේ, ධර්මයේ, සතුටේ හා සාර්ථකත්වයේ මාර්ගය පෙන්වා දීම උදෙසා ලිපි සම්පාදනය හා දේශන පැවැත්වීම සිදු කරනු ලබනවා.