ලෝක කදුකර දිනය

December 11, 2018

දෙසැම්බර් මාසයේ 11 වෙනිදට ලෝක කදුකර දිනය යෙදිලා තියෙනවා…

මේ දිනය ප්‍රකාශයට පත් කරලා තියෙන්නෙ ලෝකයේ තියෙන කදුවලින් අපට ලැබෙන ප්‍රයෝජන සහ කදු ආරක්ෂා ගැනීමේ වැදගත්කම ගැන මිනිස්සුන්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින්. මේ දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් 2002 අවුරුද්දෙ ප්‍රකාශයට පත් කරපු දිනයක්. පළවෙනි “ලෝක කදු දිනය” 2003දී සමරලා තියෙනවා.

* පෘතුවියේ ගොඩබිම්වලින් 27%ක් තියෙන්නෙ කදු
* කදු ආශ්‍රිත ප්‍රදේශවල ලෝක ජනගහණයෙන් බිලියනයකට වඩා මිනිස්සු ජීවත් වෙනවා
* ලෝකයේ කදුකරවල ජීවත් වන මිනිසුන්ගෙන් 80%ක් දුප්පත්කමින් පෙළෙන අය
* ලෝකයේ නැවුම් සුපිරිසිදු වතුරවලින් 75%ක් උත්පාදනය වෙන්නෙ කදුවලින්
* ඒ වතුර ලෝක ජනගහණයෙන් 50%කට වඩා දෛනිකව භාවිතා කරනවා
* ලෝකයේ අත්‍යාවශ්‍යම ආහාර 20න් 6ක්ම වගා කරන්නෙ කදුවලයි

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.