වයස අවුරුදු 18 -28 අවධිය

වයස අවුරුදු 18 -28 අවධිය තීරණාත්මක අවධියක්.

අපි වසර 14කට ආසන්න කාලයක් පාසල් ජීවිතය ගෙවනවා. නමුත් අවාසනාවට කරුණ නම්, අපි ඒ කාලයේ පාසල තුලදී ජීවිතය ගැන ඉගෙන ගන්නෙ හරිම අල්පයයි.

පාසල් කාලයේ අපි සමාජය මොන වගේද කියලා යම් චිත්‍රයක් මවාගෙන හිටියත්, සමාජයට ආවට පස්සෙ දකින්න ලැබෙන ප්‍රතිරූපය අපි හිතාගෙන හිටියට වඩා බොහෝ වෙනස් වෙන්න පුලුවන්.

අපි අවුරුදු 14ක් එක්තරා system එකක් ඇතුලෙන් ගිහින් වයස 18-19 වෙද්දි ටික ටික සමාජයට අඩිය තියනවා. අන්න එතනදි දැනගන්නවා සමාජයේ ඉදිරියට යන්න නම් අපි පංතියේ ඉඳන් ඉගෙන ගත්ත දේවල් මදි කියලා.

ඉතින් මේ වයස 18 -28 කාලය ගොඩක් තීරණාත්මක වෙන්න හේතුව තමයි, පුද්ගලයෙක් බොහෝ දුරට ගොඩ නැගෙන්නෙ මේ කාලයේදී වීම.

• තමන්ගේ ජීවිතයේ ඉදිරි ගමන් මාර්ගය ගැන හිතන්න පටන් ගන්නෙ,

• සමාජයෙන් සහ තමන්ගේ වෘත්තියෙන් ඉදිරියට යන්න අවශ්‍ය කරන දේවල් ඉගෙන ගන්නෙ,

• පුද්ගලයෙක් වශයෙන් සංවර්ධනය වෙන්නෙ,

• අලුත් දේවල් අත්හදා බලන්නෙ,

මේ කාලයෙදි.

ඉතින් මේ යුගය නාස්ති ක⁣⁣ළොත් හෝ වැරදි/අනවශ්‍ය දේවල් වෙනුවෙන් යොදවනවා නම් ඒක තමන්ගේ මුලු ජීවිත කාලයටම බලපානවා.

ඒ වගේම තමයි නිවැරදි විදිහට වැඩකළොත් ජීවිතේ සාර්ථකත්වයට බලපාන්නෙත් ඒ දැන් ලබා ගන්න පන්නරයයි.


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.shutterstock.com

BMAD Plus ආයතනයේ නිර්මාතෘවරයා සහ අධ්‍යක්ෂකවරයා වන මයන්ත ශවීන් මහතා, Brand Identity Design, Brand Strategy Design සහ Digital Marketing ක්ෂේත්‍රයන් පිළිබඳ අත්දැකීම් බහුල අයෙකි. තරුණයෙක් විදිහට ඔහු ජීවිතය ගොඩනගා ගන්නා ගමන් අනෙක් තරුණයන්ටත් ජීවිතයේ ඉදිරියට යෑමට සහාය දීම වෙනුවෙන් eLearning.lk Blog අඩවිය වෙත ලිපි සම්පාදනය කරනු ලබයි.