වැවිලිකාර රොබෝ

February 14, 2020

මල් පැළ වලට ජීවත් වෙන්න අවශ්‍ය කරන ප්‍රබල සාධකයක් තමයි හිරු එළිය කියන්නෙ. සමහරක් මල් පැළ වලට නොමැරී ඉන්න තද හිරු එළියක් අවශ්‍යයි.

හිතන්න ඔයාලගෙ මිදුලෙ ලස්සන මල් පැළයක් තියෙනවා කියලා. ඒත් ඒ මල් පැළයට හිරු එළිය නොලැබුණොත් මොකද වෙන්නෙ?

ඒ මල් පැළය අනිවාර්යෙන්ම මැරෙනවා. එහෙනං අපිට සිද්ධ වෙනවා ඒ මල් පැළය සූර්යාලෝකය පතිත වෙන තැනක තියන්න. ඒත් අපේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක අපිට හැමතිස්සෙම ඒ වෙනුවෙන්ම වෙහෙසෙන්න පුලුවන්ද? ඔන්න දැන් ඒකට විසදුමක් තියෙනවා. ඒ විසදුම ඉදිරිපත් කරලා තියෙන්නෙ  Vingross කියන චීන සමාගමකින්.

මේ සමාගමෙන් ඔයාලගෙ සහායට රොබෝ වැවිලිකරුවෙක් හදුන්වා දීලා තියෙනවා. මේ රොබෝ වැවිලිකරුගේ වගකීම වෙන්නෙ ඔයාලගෙ ගෙදර තියෙන ඒ වගේ හිරු එළියට නිරාවරණය නොවුණු මල් පැල, හිරු එළියට නිරාවරණය වන ස්ථානයකට අරගෙන ගිහිල්ලා තැන්පත් කරන එක.

මේ රොබෝවරුන් අධෝරක්ත සංවේදක, දුර සංවේදක, රාත්‍රී දර්ශන සහිත 720p කැමරා, USB Ports, WiFi වලින් සන්නද්ධයි. පැළ වලට හිරු එළිය අවශ්‍ය නොවන වෙලාවන් වලදි ඒවා හෙවනකට අරගෙන යන්න වගේම, පැළ වලට වතුර අවශ්‍ය වෙන වෙලාවන් වලදී ඒ බව නාද කරන්නත් මේ අය බැදිලා ඉන්නවා.

ඔයාලට කම්මැලි නම් මෙයාලා එක්ක සෙල්ලම් කරන්න වුණත් පුලුවන්. ඒකට කරන්න තියෙන්නෙ රොබෝගෙ පාදම උඩ අත තියන එක.

* වැඩි විස්තර සඳහා : https://www.healthyfoodhouse.com/this-robot-planter-follows-the-sunlight-throws-tantrums-if-you-dont-water-it-2/


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.healthyfoodhouse.com
* ඡායාරූපය : www.healthyfoodhouse.com
* වීඩියෝව : ARTICLE – TUBE 1 | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.