විනාඩියකට ලංකාවේ සිලි බෑග් මිලියනයක් භාවිතා වෙනවා – Zero Plastic නිර්මාතෘ Nishshanka De Silva

අද අපි කතා කරන්නෙ ලෝකයට සහ ලංකාවේ අපට නැවත නැවතත් ප්‍රශ්නයක් වෙලා තිබෙන දෙයක් ගැනයි. ඒ තමයි “ප්ලාස්ටික්” සහ ඒ හා සම්බන්ධ අනෙකුත් ද්‍රව්‍ය වලින් පරිසරයට වෙන හානිය. පරිසරයට ආදරය කරනවා වගේම ප්ලාස්ටික් වගේ පරිසරයට අහිතකර දේවල්, පරිසරයට නිකුත් වෙන එක වළක්වන්නත් අපි කටයුතු කරන්න ඕන.

ඉතින් ඒ වෙනුවෙන් අපි අපේ eLearning.lk Studio එකට ආරාධනා කළා Zero Plastic ව්‍යාපෘතියේ නිර්මාතෘ Nishshanka De Silva මහතාට. අපි එතුමාගෙන් අහමු ලංකාවේ මේ වෙනකොට උද්ගත වෙලා තිබෙන ප්ලාස්ටික් ප්‍රශ්නයේ බරපතලකම සහ මේ ප්‍රශ්නය නැති කරන්න, පුරවැසියන් විදිහට අපිට කළ හැක්කෙ මොන වගේ දේවල්ද කියලා?

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.