විශාලතම චන්ද්‍රිකා එකතුවේ අයිතිකාරයා

January 13, 2020

SpaceX කියන්නෙ ඇමරිකාවේ අභ්යවකාශ යානා, කෘතිම චන්ද්රිකා වගේ දේවල් නිෂ්පාදනය කරන සහ අභ්යවකාශ ප්රවාහන සේවා සපයන සමාගමක්.

මීට දවස් කිහිපයකට කලින් මේ සමාගමෙන් Falcon 9 රොකට්ටුවකින් අලුත් චන්ද්රිකා 60ක් පෘථිවි කක්ෂයට මුදා හැරියා. මේත් එක්කම සමාගම කක්ෂ ගත කරපු කෘතිම චන්ද්රිකා ගණන 180ක් දක්වා වැඩි වුණා. ඒ අනුව, අද වෙනකොට ලෝකයේ විශාලතම කෘතිම චන්ද්රිකා එකතුවේ හිමිකාරීත්වය SpaceX සමාගමට හිමි වෙලා තියෙනවා.

මෙහෙයුමේ පළවෙනි අදියරයේදී මේ චන්ද්රිකා පෘථිවියට කිලෝ මීටර 290ක් ඉහළින් තියෙන කක්ෂයකට අරගෙන යනවා. ඒවා නිසි ලෙස ක්රියාත්මක වන බව සහතික කර ගත්තට පස්සෙ, දෙවන අදියරය විදිහට ඒවා ඉලක්කගත කක්ෂ වලට අරගෙන යනවා.

මේ කෘතිම චන්ද්රිකා කක්ෂ ගත කිරීමේ ප්රධානතම අරමුණ වෙන්නෙ Broadband අන්තර්ජාල සේවා හරහා පෘතුවියට වඩාත් කාර්යක්ෂම අන්තර්ජාල ආවරණයක් ලබා දීමයි. ඒකෙත් පළවෙනියටම ඉලක්ක වෙන්නෙ ඇමරිකාව සහ කැනඩාව වගේ රටවල්. SpaceX සමාගම බලාපොරොත්තු වන විදිහට මේ සැලසුම සාර්ථක වුණොත්, ගොඩබිම් සහ මුහුදු මාර්ග හරහා භාවිතා වෙන Fiber Optics වලටත් වඩා, වේගවත් අන්තර්ජාල සේවාවක් ඉදිරියේදී මේ අන්තර්ජාල චන්ද්රිකා හරහා ලබා ගන්න පුලුවන්.

* වැඩි විස්තර සඳහා : https://interestingengineering.com/spacex-succesfully-launches-60-satellites-for-starlink-mission


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.teslarati.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.