සූර්යය පෘෂ්ඨයේ සමීපතම ඡායාරූපය…?????

February 3, 2020

සූර්යයාගේ පෘෂ්ඨයේ එතෙක් මෙතෙක් ලබා ගත්ත සමීපතම ඡායාරූපය මේ වෙනකොට මාධ්‍යට මුදා හැරලා තියෙනවා. අපි කුඩා කාලයේ ඉදලම සූර්යයාව අනන්තවත් දැකලා තිබ්බත්, එහෙම දැකලා තියෙන්නෙ ආසන්න වශයෙන් පෘතුවියේ ඉදලා කිලෝ මීටර මිලියන 150ක් විතර ඈත ඉදලයි.

සූර්යයා කියන්නෙ තනිකරම ගිනි බෝලයක්. ඒ නිසා චන්ද්‍රිකා වලින් ලබා ගත්ත සූර්යයාගේ පෘෂ්ඨයේ ඡායාරූපත් ගොඩාක් හිඟයි.

HD ගුණාත්මක තත්වයෙන් යුතු මේ ඡායාරූප සහ වීඩියෝ මාලාව අරගෙන තියෙන්නෙ ජාතික විද්‍යා පදනමේ තාරකා විද්‍යාඥයන්ගේ Inouye කියන සූර්ය දුරේක්ෂයෙන්.

ඔයාලට පේනවා ඇති උඩ තියෙන වීඩියෝවෙ තියෙන තාපාංක වායු, එහෙමත් නැත්නම් අධික උෂ්ණත්වයෙන් යුක්ත ගෑස් වායු එහාට මෙහාට චලනය වෙනවා.

ඔතන තියෙන හැම සෛලයක්ම, එහෙමත් නැත්නම් පෘෂ්ඨ කැබැල්ලක්ම, ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයටත් වඩා විශාලයි.


උපුටා ගැනීම් :
* වීඩියෝව : National Solar Observatory | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.