හියුගෝ චාවෙස්ගෙන් පාඩමක්

April 9, 2020

හියුගෝ චාවේස් යනු ලංකාවේ වෙසෙන බොහෝ දෙනෙකුට දේශපාලන වීරයෙකි. අපේ සමහර ඇත්තන් චාවේස් යනු නුතන චේ ගවේරා යයි කියනුද මම අසා ඇත්තෙමි.

මේ ලාංකිකයන්ගෙන් කී දෙනෙක් වෙනිසියුලානු ජාතිකයෙකු හා කතා බස් කර ඇද්ද? පිළිතුර බොහෝ විට බින්දුවට ආසන්න වනු ඇත.

එසේනම් ඔවුන්ට චාවේස් වීරයකු වුයේ කෙසේද…..?

එය තනිකරම මාධ්‍ය හරහා ගොඩනැගුව ප්‍රතිරූපයකි.

මා පසුගිය වකවානුවේ, වැනිසියුලානු ජාතිකයන් බොහෝ දෙනෙකු හා සමීප කතා බහේ යෙදී ඇත. ඔවුන් අතරින් කීපදෙනෙක් පශ්චාත් උපාධිය හදාරන මගේ සිසු සිසුවියන්ය. අනෙක් අය මගේ වුර්තිය මිතුරන්ය. ඔවුන් සියලුදෙනාම (සියලු දෙනාම යන්න මම නැවත අවධාරණය කරමි) දරණ එක් මතයක් ඇත. එනම් හියුගෝ චාවේස් යනු වැනිසියුලාව විනාශ කරන්න පැමිණි යක්ෂයකු බවයි. චාවේස් රටේ ආර්ථිකය විනාශ කරන අයුරු ඔප්පු කිරීමට ඔවුන් නිදසුන් රාශියක් ලබාදෙයි. ඔවුන්ගේ තර්ක විතර්ක හා කරුණු කාරණා බොහෝ සෙයින් සාධාරණ යයි මට හැඟේ.

එසේනම් චාවේස් ජාත්‍යන්තරවද, රටේ සාමාන්‍ය ජනයා අතරද වීරයකු වුයේ කෙසේද?

වැනිසියුලාව ලෝකයේ සම්පත් අතින් පොහොසත්ම රටකි. ඔවුන් සතුව විශාල ඛනිජ තෙල් නිධි රාශියක් ඇත. මීට අමතරව නොයෙකුත් ලෝහ වර්ගද ඛනිජයන්ද එහි ඇත. චාවේස් සහ ඔහුගේ සහචර කණ්ඩායම මේ සම්පත් විකුණා රටට ලැබෙන මුදලින් බිලියන ගණනක් සොරා ගත්තෝය. අදටත් සොරා ගනිමින් සිටිති.

රටේ පාලන අධිකාරිය බිලියනපතියන් වනවිට ඔවුන්ගේ පැවැත්ම වඩ වඩාත් තහවුරු වෙයි. මක්නිසාද යත් ඔවුන්ට සියලු දෙයම මුදලට ගත හැකි බැවිනි……….. විරුද්ධ පක්ෂය, නීතිය, පොලිසිය, හමුදාව සහ මාධ්‍ය ඔවුන් ලෙහෙසියෙන්ම මුදලට ගනියි…… මෙයින් වඩාත්ම වැදගත් වන්නේ මාධ්‍යයයි. මගේ වෙනිසියුලානු මිතුරන් කියන්නේ මේ වනවිට CNN සහ BBC මාධ්‍ය ආයතන පවා චාවේස් ගේ සාක්කුවේ සිටින බවයි.

චාවේස් ඇමරිකාවේ පරම හතුරා ලෙස හඳුන්වන්නේ මාධ්‍යයි. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් චාවේස් සහ වැනිසියුලාව විනාශ කිරීමට කැසකවන බව පෙන්වන්නේද මාධ්‍යයි. චාවේස් ඇමරිකාව ඇතුළු බටහිර ධනවාදයට විරුද්ධව සටන් කරන පතාක යෝධයකු ලෙස පුම්බන්නේද මාධ්‍යයි.

ලිපිය දිගටම කියවන්න >>>

මහාචාර්ය චන්දිම ගෝමස් මහතා, ආසියාවේ බොහෝ ප්‍රදේශවල අකුණු ආරක්ෂණ පිළිබඳ සමාගම් විශාල සංඛ්‍යාවක උපදේශකයෙක් ලෙසත්, ආසියාවේ අකුණු ආරක්ෂණ සහ විදුලි සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රමුඛ පුහුණුකරුවෙක් ලෙසත්, විද්‍යුත් ආරක්ෂාව සහ විද්යුත් චුම්භක අනුකූලතා සම්බන්ධව පළපුරුදු ඉංජිනේරු උපදේශකයෙක් ලෙසත්, ඉංජිනේරු සහ භෞතික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් සහ ලේඛකයෙක් ලෙසත් කටයුතු කරනවා. මහචාර්ය චන්දිම ගෝමස් මහතා ඔහුගේ ජීවන අත්දැකීම්, කාර්යයන්, විද්‍යාවට දක්වන දායකත්වය, විද්‍යාව සහ තාක්ෂණයේ අනාගත ප්‍රවණතා සහ රාජ්‍ය අංශය සඳහා වඩාත් පලදායී ලෙස විද්‍යාව යොදාගෙන වැඩකටයුතු කාර්යක්ෂම කර ගැනීම පිළිබඳව මෙම බ්ලොග් අඩවියේ කෙටියෙන් සඳහන් කරනු ලබයි.