හෘදය වස්තුවක් මිළදී ගමුද…?????

December 22, 2019

හැම අවුරුද්දකම ලෝකයේ මිලියන 25කට වැඩි පිරිසකට හෘදයාබාධ ඇති වෙනවා. මේ නිසා ඇමරිකාවේ Massachusetts මහ රෝහල සහ Harvard වෛද්‍ය විද්‍යාලය එකතු වෙලා අපූරු වැඩක් කරන්න පටන් ගෙන තියෙනවා. ඒ තමයි විද්‍යාගාරයක වැඩිහිටි සමේ සෛල වලින් මිනිස් හදවතක් සාර්ථකව වර්ධනය කරමින් යන එක.

ඊට අමතරව, Tel Aviv විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් රෝගියාගේම සෛල සහ ජීව විද්‍යාත්මක ද්‍රව්‍ය භාවිතා කරමින් ලෝකයේ පළවෙනි ත්‍රිමාණ හදවත (3D Printed Heart) දැනටමත් “මුද්‍රණය” කරලා අවසන්. ඒත් මේ පරීක්ෂණවලින් ඇවිල්ලා තියෙන මඟ බොහොම කෙටියි. තවත් අපිට හුගක් දුර යන්න තියෙනවා. මේක සාර්ථක වුණොත්, ලෝක මානව ඉතිහාසයේ අපි ලබපු විශාල විජයග්‍රහණයක් විදිහටත් මේක සනිටුහන් වෙයි.

අද දින ලෝකය මුහුණ දෙන හදවත් හිඟ ගැටලුව, මේ අයගේ පර්යේෂණයන් විසින්ම යම් දවසක විසදෙන්න නියමිතයි.

* වැඩි විස්තර සඳහා : https://www.intelligentliving.co/first-3d-printed-hearts-grown-stem-cells


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.timesofisrael.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.