2025දී අභ්‍යාවකාශයේ ශ්‍රමදානයක්…?????

January 30, 2020

2025 අවුරුද්ද වෙනකොට අභ්‍යාවකාශයේ තියෙන අනවශ්‍ය සහ කැඩුණු බිදුනු කෘතිම චන්ද්‍රිකා ඉවත් කරලා, අභ්‍යාවකාශය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරන්න ස්විට්ස්වර්ලන්තයේ  ClearSpace කියන සමාගමක් තීරණය කරලා තියෙනවා. මේක නම් කරලා තියෙන්නෙ ClearSpace-1 කියලයි.

ඔයාලා දන්නවද මේ වෙනකොට අභ්‍යාවකාශයට මිනිසා විසින් මුදා හැරපු කෘතිම චන්ද්‍රිකා වල සුන්බුන් කොටස්, 34 0000කටත් වඩා අභ්‍යාවකාශයේ පාවෙමින් තියෙනවා කියලා? මේ වෙන කොට අභ්‍යාවකාශයේ තියෙන සමස්ථ චන්ද්‍රිකා ගණන ආසන්න වශයෙන් 5000ක් වෙනවා. ඒ අතරින් 3000ක්ම අසාර්ථක සහ අක්‍රීය ඒවා.

ඉතින් මෙයාලගෙ සැලසුම වෙන්නෙ අභ්‍යාවකාශයේ තියෙන මිනිසා විසින් යවපු අනවශ්‍ය සුන්බුන් කොටස් හදුනාගෙන, පෘතුවියේ ඉදලා යවන චන්ද්‍රිකා හරහා ඒවා ඩැහැගෙන අභ්‍යාවකාශයෙන් ඈතට අරගෙන යෑමයි. ඒක හරියට කැඩුනු වාහනයක්, තවත් වාහනයකින් ඇදගෙන යනවා වගේ සිද්ධියක්.

මේ මෙහෙයුමේ ප්‍රධාන නිළධාරියා වන “ලුක් පිගුඑට්” මේ වගේ මෙහෙයුමක අවශ්‍යතාවය ගැන මේ විදිහේ ප්‍රකාශයක් කරනවා…

“ඉතිහාසයේ මෙතෙක් අහිමි වූ සියලුම නැව් තවමත් ජලය මතට ගසාගෙන යන්නේ නම් මහ මුහුදේ යාත්‍රා කිරීම කොතරම් භයානකදැයි සිතා බලන්න? හෙට සියලු අභ්‍යවකාශ දියත් කිරීම් නවතා දැමුවද, ප්‍රක්ෂේපනවලින් පෙනී යන්නේ, සමස්ත කක්ෂීය සුන්බුන් ප්‍රමාණය අඛණ්ඩව වර්ධනය වන බවයි. මන්ද යත් දැනට තිබෙන සුන්බුන් කොටස්ද ඉදිරියේදී එකිනෙක ගැටී හෝ කාලයත් සමඟ තවත් කොටස් වලට බෙදී යා හැක. ”  

* වැඩි විස්තර සඳහා : https://clearspace.today


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.popularmechanics.com
* වීඩියෝව : ClearSpace | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.