ගණිතය ඉගැන්විය යුතු නෑ. ගණිතය පුහුණු කළ යුතුයි – ලලින්ද්‍ර මුණසිංහ

අද අපේ සාකච්ඡාව ගෙන එන්නේ ගණිත පුහුණුකරුවෙක් එක්කයි.? කවුද ගණිත පුහුණුකරුවෙක් කියන්නෙ? මොකක්ද ගණිත ගුරුවරයෙක් සහ ගණිත පුහුණුකරුවෙක් අතර තියෙන වෙනස? ඒකට උත්තරය අපි මේ වීඩියෝව බලලම දැන ගමු.

ඒ විතරක් නෙවේ, අද අපේ සාකච්ඡාවේදී ගණිතය වගේ සංකීර්ණ විෂයක් සරලව ඉගෙන ගන්නෙ සහ උගන්වන්නෙ කොහොමද?, ගණිතයට අඩු ලකුණු ලබා ගැනීම දරුවාගේ වරදක්ද?, ගණිතයට ලබා ගන්න අඩු ලකුණු ප්‍රමාණය වැඩි කර ගන්නෙ කොහොමද?, ගණිතය විෂය ඉගෙන ගන්න වර්තමාන තාක්ෂණය යොදා ගන්නෙ කොහොමද? විෂය භාහිර ක්‍රියාකාරකම් ජීවිතයට වැදගත් වන්නේ ඇයි?….. ආදී වශයෙන් ගොඩක් පාසල් සිසුන්ට වගේම, විශේෂයෙන්ම ඒ අයගේ දෙමාපියන්ට තියෙන ප්‍රධාන සහ පොදු ප්‍රශ්න පිළිබඳවත් සාකච්ඡා කරනවා.

අදම 6789 Math අන්තර්ජාල ගණිත පන්ති කාමරය වෙත පිවිසෙන්න – https://elearning.lk/instructor/profile/6789math

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.