ලංකාවේ නිෂ්පාදන ලෝකයට ගෙනියන්න හරිම ක්‍රමය මෙන්න – හිටපු Boeing ගුවන්යානා ඉංජිනේරු Tilak Dissanayake

අද අපේ වැඩසටහනට එකතු වෙන්නෙ හිටපු Boeing ගුවන්යානා ඉංජිනේරු තිලක් දිසානායක මහත්මයයි. එතුමා eLearning.lk YouTube Channel එකත් එක්ක නිතරම එකතුවෙන අපේ නිත්‍ය සම්පත් දායකයෙක්.

අද අපි එතුමා සමඟ සාකච්ඡා කරන්නෙ, ඕනෑම නිෂ්පාදනයක් ජාත්‍යන්තරය කරා රැගෙන යනකොට අපිට අනුගමනය කරන්න පුලුවන් නිවැරදි ක්‍රමවේදයන් ගැනයි. ඒ වගේම මේ සාකච්ඡාවේදී නව සොයා ගැනීමක් කරන විට සහ අලුත් නිෂ්පාදනයක් කරන විට අපි සළකා බැලිය යුතු දේවල් ගැනත්, අපිට ලෝකයේ ප්‍රසිද්ධ සමාගම් වලින් ගන්න පුලුවන් ආදර්ශ ගැනත් අවධානය යොමු කරනවා.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.