නිර්මාංශයිද? හරක් මස් කෑල්ලක් කමුද?

January 6, 2020

නිර්මාංශයිද? හරක් මස් කෑල්ලක් හරි කුකුල් මස් කෑල්ලක් හරි කමුද?

කලබල වෙන්න එපා. අද අපි කෙටි සටහනෙන් ගෙන එන්නෙ ඇමරිකාවේ විද්යාඥයන් පිරිසක් සාර්ථකව අත්හදා බලපු පරීක්ෂණයක් ගැනයි.

අපි දන්නවා මස් මාංශ පිණිස ලෝකය පුරාම සතුන්ව මැරීමකට ලක් වෙනවා කියලා. ඉතින් මස් මාංශ පිණිස සතුන්ව ඝාතනය කරන එක වළක්වන්න ඇමරිකානු විද්යාඥයන් පිරිසක් අවුරුදු කිහිපයක් තිස්සේ පරීක්ෂණයක නිරත වුණා. දැන් යන්නෙ මේ පරීක්ෂණයේ අවසාන අදියරයි.

මේ පරීක්ෂණයට අනුව ඕනෑම සතෙක්ගේ පුංචිම පුංචි සෛලයක් (Cell) හෝ පටක කැබැල්ලක් (Tissues) අරගෙන, විද්යාගාරයේ තැබීමක් වෙනවා. ඊට පස්සෙ නොයෙකුත් ප්රෝටීන වර්ග එකතු කරලා, මේ පුංචිම පුංචි සෛලය / පටක කැබැල්ල, විශාල මස් පෙත්තක් වෙනකන් කෘතීමව වර්ධනය කරගන්න පුලුවන්.

මේ සංකල්පය මුලින්ම කරලියට ආවේ 2000 වසරේදියි. ඒත්, ලෝකයේ පළවෙනි වතාවට මේ පරීක්ෂණය හරහා සත්ව ඝාතනයකින් තොරව, කෘතිමව, සෛල වලින් වගා කරන ලද පළවෙනි බර්ගර් පැටිස් ආහාරය හදලා තියෙන්නෙ 2013 වර්ෂයේදියි.

තවමත් මේ වගේ මස් වර්ග (Cultured Meat), වෙළදපලේ දකින්න නෑ. නමුත් මේ වෙනකොට සිදු කෙරෙන පරීක්ෂණ අනුව, පරීක්ෂකවරු සහ මේ පරීක්ෂණ කටයුතු මෙහෙයවන ආහාර සමාගම්, සතුන් නොමරා කෘතිමව නිෂ්පාදනය කරන ලද මස් වර්ග, 2021 වසර වෙනකොට වෙළදපලට නිකුත් කරන්න කටයුතු සූදානම් කරගෙන යනවා.


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.inverse.com
* වීඩියෝව : Wall Street Journal | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.