Single Page Websites වල අවාසි

අද අපි කතා කරන්නෙ Single Page Websites වල තියෙන අවාසි 7ක් ගැනයි. මොකක්ද Single Page Website එකක් කියලා කියන්නෙ?

ඔව්…. ඒකට උත්තරය ඔයාල දැනටමත් දන්නවා. Single Page Website එකක් කියලා කියන්නෙ එකම එක වෙබ් පිටුවක් විතරක් තියෙන වෙබ් අඩවි වලටයි.

මේ සාම්පලේ වෙබ් අඩවියකින්, අපි නිරන්තරයෙන් දකින අනිත් වෙබ් අඩවි වල තියෙන About Us, Products, Services, Gallery, Contact Us වගේ ඔක්කොම Web Pages වල තියෙන දත්ත සහ තොරතුරු, තනි වෙබ් පිටුවක් හරහා දැකගන්න පුලුවන්.

Multi Page Websites, එහෙමත් නැත්නම් වෙබ් පිටු ගොඩාක් තියෙන වෙබ් අඩවි තමයි ඈත අතීතයේ ඉදලම දකින්න තිබ්බෙ. ඊට පස්සෙ 2013, 2014, 2015, 2016 වගේ කාලවල් වෙනකොට Single Page Websites ගැන ගොඩක් UI Designersලගෙ අවධානය යොමු වුණා. ඒත් එක්කම Single Page Websites වලින් Trend එකක් එන්න ගත්තා. මේ කාලයේ Multi Page Websites වලට සාපේක්ෂව, Single Page Websites වල එක්තරා ආකාරයකට වැඩි වීමක් දකින්න තිබුණා.

නමුත් කාලයක් යනකොට UI Designing, UX Designing, QA Engineering, SEO Analysing වගේ ක්ෂේත්‍ර වල ඉන්න අයට තේරෙන්න පටන් ගත්තා Single Page Websites නිර්මාණය කිරීම ප්‍රායෝගික නෑ කියලා. ඒ නිසා මේ Trend එක ටික ටික අඩුවේගෙන යන්න පටන් ගත්තා. හැබැයි අදටත් Single Page Websites දකින්න තියෙනවා. හැබැයි සාපේක්ෂ වශයෙන් අඩුයි.

දැන් අපි බලමු Single Page Websites වල තියෙන අවාසි කිහිපයක්…

01.සැලසුම් කිරීමේ අපහසුව
Single Page Website එකක් Design කරනකොට අපිට තියෙන ලොකුම අභියෝගය තමයි UX, එහෙමත් නැත්නම් User Experience කියන දේ සැළකිල්ලට අරගෙන Website එක Design කරන්නෙ කොහොමද කියන අභියෝගය. මොකද Single Page Website එකක් කියලා කියන්නෙ GB 50ක විතර Files කන්දරාවක්, GB 10ක විතර Pen Drive එකක් අස්සට ඔබන්න හදනෝ වගේ වැඩක්.

Single Page Website එකක තනි වෙබ් පිටුවක් විතරක් තිබ්බත්, Multi Page Website එකක තියෙන හැම Web Page එකකම අපි දාන දත්ත සහ තොරතුරු, ඒ තනි වෙබ් පිටුවේ ප්‍රදර්ශනය කරන්න වෙනවා. එහෙම කරන්න නම් අපිට හොඳ පැහැදිලි සැලසුමක් තියෙන්න ඕන. ඒ වගේම වැදගත් සහ අත්‍යාවශ්‍යය තොරතුරු විතරක් ඇතුළත් කරන්න වග බලා ගන්න ඕන.

හැම තිස්සෙම Single Page Website එකට පිවිසෙන පරිශීලකයින්ට, Web Page එක Scroll කරනකොට තේරෙන්න ඕන එයාලා යමක් ගවේශනය කරනවා, එහෙමත් නැත්නම් යම් ගමනක යෙදිලා ඉන්නවා වගේ හැගීමක්. මොකද මේ සංකල්පයේදී සීමා මොකුත් නෑ. මේක හරියට Storyline එකක්, එහෙමත් නැත්නම් ගලා යෑමක් වගේ දෙයක්. ඒ නිසා UI Designerට සිද්ධ වෙනවා About Us, Products, Services, Gallery, Contact Us වගේ තියෙන හැම Section එකක්ම, හරියට පැහැදිලිව සහ ක්‍රමානුකූලව, මේ තනි වෙබ් පිටුව ඇතුළෙ සැලසුම් කරන්න.

තනි වෙබ් පිටුවේ තොරතුරු විශාල ප්‍රමාණයක් බලාගෙන යනකොට, පරිශීලකයින් බැරිවෙලාවත් Content ගොඩේ අතරමං වුණොත්, එහෙමත් නැත්නම් ව්‍යාකූල වුණොත්, එහෙමත් නැත්නම් එක Section එකකින් තවත් Section එකක් වෙන් කරලා අදුර ගන්න බැරි වුණොත්… ඔහු හෝ ඇය Website එකෙන් එළියට යෑමේ සම්භාවිතාවය වැඩියි.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

02.වෙබ් පිටුවේ උස
Single Page Website එකක තියෙන ප්‍රධානතම අවාසිය තමයි වෙබ් පිටුවේ උස. මොකද Single Page එකකට සීමා වෙන නිසා, මේ තනි Web Page එකක සෑම සියලු දත්තයක්ම, තොරතුරක්ම ඇතුළත් කරන්න වෙනවා. එතකොට Content ගොඩාක් තියෙනවා නම් අනිවාර්යෙන්ම Web Page එකේ උස ගොඩාක් වැඩි වෙනවා. ඒ කියන්නෙ පරිශීලකයින්ට අමතර වෙහෙසක් අරගෙන, Web Page එක පතුලටම Scroll කරන්න වෙනවා.

එතකොට Mobile Phones වලින් වගේ බලනකොට තත්වය ගොඩක් දරුණුයි. මොකද Laptop එකක් සහ Desktop එකක තිරයේ පළල විශාල නිසා අඩුම තරමේ Content කිහිපයක් එකවර කියවන්න පුලුවන් වුණත්, Mobile Phones වලට එනකොට තිරයේ පළල පුංචි නිසා… පරිශීලකයින්ට ගොඩාක් පහළට Scroll කරන්න වෙනවා. උදාහරණයක් විදිහට Desktop එකකින් Web Page එක Scroll කරන්න තත්පර 10ක් යනවා නම්, Mobile Phone එකෙන් ඒක Scroll කරන්න තත්පර 30ක් යන්න පුලුවන්.

03. Content වැඩි වීම
Single Page Websites වල Content වැඩි වීම නිසා පරිශීලකයින් සමහරක් විට හෙම්බත් වෙන්නත් පුලුවන්. මොකද පරිශීලකයින්ට වැඩි දත්ත සහ තොරතුරු ප්‍රමාණයක් එකවර කියවන්න වෙන නිසා. ඒ නිසා සමහරක් පරිශීලකයින්ට වෙබ් අඩවියේ තියෙන සමස්ථ අන්තර්ගතය ගැන ක්ෂණික අදහසක් ඇති නොවෙන්න පුලුවන්. ඒ වගේම තමන්ට අවශ්‍ය කරන තොරතුරු සොයාගන්න යම් කාලයක් වැය කරන්න සිදු වෙන්නත් ඉඩකඩ තියෙනවා.

හිතන්න පරිශීලකයෙක්ට අවශ්‍යයයි යම් නිෂ්පාදනයක තොරතුරක් දැනගන්න. මේ පරිශීලකයා වෙබ් අඩවියට එන්නෙ, ඒ අදාළ නිෂ්පාදනයේ නම දැනගෙනයි. වෙබ් අඩවිය Multi Page Website එකක් වුණා නම්, එයා මුලින්ම Home Page එකට ඇවිත්, Product Page එකට යනවා. ඒත් Single Page Website එකකදි, පරිශීලකයාට සිද්ධ වෙනවා එයාට අවශ්‍ය නැති දත්ත සහ තොරතුරු අතරින්, එයාට අවශ්‍ය තොරතුරු සොයාගන්න. හදිස්සි අවශ්‍යතාවයක ඉන්න පරිශීලකයෙක් නම්, එයා අනිවාර්යෙන්ම මේ වෙබ් අඩවියෙන් ඉවත් වෙලා, වෙනත් වෙබ් අඩවියකට යනවා. ඒ වගේම Internet Data ගැන සැළකිලිමත් වෙන කෙනෙක් නම්, ඒත් මේ වෙබ් අඩවියෙන් ඉවත් වෙලා යෑමේ සම්භාවිතාවයක් තියෙනවා.

04. Loading Time එක වැඩි වීම
Single Page Website එකක අන්තර්ගතයේ විශාල පින්තූරු සහ වීඩියෝ ප්‍රමාණයක් තියෙනවා නම්, සමස්ථ වෙබ් පිටුවම සම්පූර්ණයෙන්ම Load වෙන්න සැළකිය යුතු තත්පර ගාණක් වැය වෙන්න පුලුවන්. විශේෂයෙන්ම බොහොම අඩු Internet Speed එකක් තියෙන අයට, තවත් විශාල කාලයක් බලාගෙන ඉන්න වෙනවා. විශ්ලේෂණ වලට අනුව සාමාන්‍යයෙන් වෙබ් අඩවියක් Load වෙනකන් පරිශීලකයින් ඉවසගෙන ඉන්නෙ උපරිම තත්පර 10ක වගේ කාලයක්.

ඒ වගේම වෙබ් අඩවියට ආපු ගමන්ම, වැඩි වෙලාවක් රැදෙන්නෙ නැතුව, පරිශීලකයින් තත්පර කිහිපයක් ඇතුළත වෙබ් අඩවිය අතෑරලා යනවා නම්, Google වගේ Web Browsers, Web Search Results වලින් ස්වයංක්‍රීයවම මේ වෙබ් අඩවිය පසුපසට දානවා. අපි මේකට කියනවා High Bounce Rate කියලා.

05. විශේෂිත තොරතුරක් Share කිරීමේ නොහැකියාව
Single Page Website එකක යම් ප්‍රයෝජනවත් හෝ සිත් ඇදගන්නා සුළු තොරතුරක් දකින පරිශීලකයෙක්ට, ඒ තොරතුර Share කරන්න හැකියාවක් ලැබෙන්නෙ නෑ. Multi Page Website එකක් වුණා නම් ඒ පරිශීලකයාට අදාළ වෙබ් පිටුවෙ URL / Link එක Share කරන්න පුලුවන් වුණත්, Single Page Website එකක තියෙන්නෙ එකම එක Link එකක් විතරක් නිසා, එයාට ඒ විශේෂිත තොරතුර, වෙන් කිරීමක් කරලා Share කරන්න අපහසු වෙනවා.

06. SEO වලදී විශාල පිපිරීමක් ඇති වීම
Single Page Website එකක් නිර්මාණය කළොත්, SEO නොහොත් Search Engine Optimization වලදි විශාල අවාසියක් වෙනවා. SEO කියලා අපි සාමාන්‍යයෙන් කියන්නෙ, Web Page එකට අදාළ මොකක් හරි Keyword එකක්…. Google, Yahoo, Bing ආදී වශයෙන් ඕනෑම Web Browser එකක Search කළාම, ඊට අදාළ අපේ වෙබ් පිටුව හෝ වෙබ් අඩවිය, Search Results දහස් ගාණක් අතරින් පළවෙනි පිටුවේ, පළවෙනි ස්ථානයට අරගන්න කරන අහිංසක උත්සාහයක්.

උදාහරණයක් විදිහට කෙනෙක්ට අවන්හලක වෙබ් අඩවියක් තියෙනවා කියලා හිතන්න. මෙයාට අවශ්‍යයි ඒ අවන්හලේ තියෙන කෑම වට්ටෝරු ප්‍රවර්ධනය කරන්න. මේ අවන්හලේ තියෙනවා චීන, ජපන්, ඉන්දියානු, ශ්‍රී ලාංකීය සහ බටහිර කෑම වර්ග. මේ හැම කැටගරියකටම එක වෙබ් පිටුව ගාණේ හැදුවොත්, එතන වෙබ් පිටු 5ක් තියෙනවා.

ඒ කියන්නෙ Multi Page Websitesවලදි අපිට වෙබ් පිටු 5ක් ගැන බලාපොරොත්තු තියාගන්න පුලුවන්. ජපන් ආහාර වෙබ් පිටුව Search Results වලින් උඩට ගන්න බැරි වුණත්, අපිට තව වෙබ් පිටු 4ක් ඉතුරුයි. එතනිනුත් ඉන්දියානු ආහාර වෙබ් පිටුව උඩට ගන්න බැරි වුණත්, ඒත් දුකක් නෑ. මොකද තවත් වෙබ් පිටු 3ක් ගැන අපිට විශ්වාසය තියෙනවා.

ඒත් Single Page Website එකකදි අපිට තියෙන්නෙ එකම එක වෙබ් පිටුවක් විතරයි. ඒ කියන්නෙ මේ වෙබ් පිටුවට අපි කරන SEO හරි නොගියොත් හෝ අසාර්ථක වුණොත්, ඒ කියන්නෙ වෙන කිසිම විකල්පයක් නෑ. වෙබ් අඩවිය Search Results අතරේ ඉහළින්ම පෙන්වන්න තියෙන අවස්ථාව හරියට කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස දකිනවා වගේ අවස්ථාවක් !

ඒ වගේම Single Page Website එකක් SEO කරන්න ලැබුණොත්, ඒ අදාළ Developer අපහසුතා සහ බාධක ගණනාවකට මුහුණ දෙනවා. ඒ තමයි,
01. Meta Keywords
02. Meta Descriptions
03. Web Pages / Internal URLs (Backlinks)
04. Title Tags
05. Alt Tags
06. Sitemap Listings
07. Page Titles
08. Tag Clouds

වගේ SEO වලදි කරන දේවල් මොකක් කරන්නත් ඔහුට හෝ ඇයට තියෙන්නෙ එකම එක වෙබ් පිටුවක් විතරයි.

07. අසාර්ථක විශ්ලේෂණ වාර්තාවන්
Single Page Website එකක් නිර්මාණය කරනවා නම්, ඒ වෙබ් අඩවියට යන එන පරිශීලකයන් ගැන සහ එයාලගෙ හැසිරීම ගැන සවිස්තරාත්මක දත්ත සහ තොරතුරු වාර්තාවක් (Google Analytics වගේ) අපිට ලබා ගන්න වෙන්නෙ නෑ. මොකද පරිශීලකයින්ට පරිශීලනය කරන්න ලැබෙන්නෙ තනි වෙබ් පිටුවක් විතරයි. එතනින් එහාට එයාට පිවිසෙන්න, වෙන වෙබ් පිටු නෑ. ඒ නිසා පරිශීලකයින් තනි වෙබ් පිටුව ඇතුළෙ මොන මොන දේවල් අධ්‍යනය කළාද කියලා වාර්තා වෙන්නෙ නෑ. ඒක වෙබ් අඩවියේ SEO සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නකොට විශාල අවාසියක් වෙනවා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

අමතර දැනුම වෙනුවෙන්
01. Responsive Web Developing with CSS in Sinhala (Including Google Analytics & Webmaster Tools)
02. Search Engine Optimization

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.