ආත්ම හතක් අසුබයි !

වීදුරුවක් බිදුනු විට එය අසුබ දෙයක් යැයි මතයක් ඈත අතීතයේ සිටම සමාජගත වී තිබේ. මෙය රෝමන්වරුන්ගේ ලෝකයට ව්‍යාප්ත වූවක් ලෙස පිළිගැනීමක් ඇත.

පුරාණ රෝමන්වරුන්ට අනුව වීදුරුවක් බිදී ගිය විට, වසර හතක් යන තෙක් අසුබ වේ. මීට හේතුව වන්නේ වීදුරුව සහ අප අතරේ විශාල බැඳීමක් ඇති බව ඔවුන් තුළ විශ්වාසයක් තිබීමයි. ඒ අනුව වීදුරුවක් බිදී කැබලී වී යන අයුරින් අපගේ ආත්මයත් කැබලි වී යන බවත් ඇතමුන් විශ්වාස කළෝය.

එමෙන්ම වීදුරුවෙන් මුහුණ බැලූ විට ඒ තුළින් අපගේ ආත්මය පෙනෙන බවත්, වීදුරුව බිදී කැබලී වීමෙන් අපගේ ආත්මයට වීදුරුවෙන් පිටතට පැමිණිමට නොහැකිව, සදාකාලිකව සිර වීමට සිදු වන බවත් විශ්වාස කළෝය.

———————————————————
මේ සම්බන්ධව eLearning.lk අපි නිර්මාණය කළ සම්පූර්ණ වාර්තාමය වැඩසටහන –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...