සැබෑ Dilophosaurus

Dilophosaurus යනු Jurassic Park චිත්‍රපට මාලාවේ සුවිශේෂී අනන්‍යතාවයක් ගොඩ නගා ගන්නා ලද භයානක ඩයිනෝසෝරයෙකි. මීට හේතුව වන්නේ චිත්‍රපටයේ මෙම ඩයිනෝසෝරයාට තිබෙන විෂ විදීමේ හැකියාව සහ බෙල්ල ආශ්‍රිත ප්‍රදේශයේ දක්නට ලැබෙන රැලි සහිත සම කුඩයක් සේ දිගහැරීමට සහ හැකිලීමට හැකිවීම නිසාය.

නමුත් මෙවැනි දෑ එම චිත්‍රපටයේ Dilophosaurus ඩයිනෝසෝරයාට වැඩි වටිනාකමක් එකතු කිරීමේ අරමුණින් භාවිතා කළ දෑ පමණක් බව අප මතක තබා ගත යුතුයි.

සැබෑ ඩයිලොෆොසෝරයන්ට එවැනි රැලි සහිත සමක් ගෙල ආශ්‍රිත ප්‍රදේශයෙහි නොතිබූ බවට Dilophosaurus ඇටසැකිලි සාක්ෂි දරයි. ඒ, Dilophosaurus ඇටසැකිලිවල ගෙල ආශ්‍රිත ප්‍රදේශයන්හී, එවැනි රැලි සහිත සමක් සවි වූ කුටීර හමු නොවීම නිසාය.

එමෙන්ම ඇටසැකිලි අනුව ඩයිලොෆොසෝරයන්ගේ හනු තෙරපුම ඉතා අවම බැවින්, එවැනි ද්‍රවයක් හෝ විෂක් විදීමේ හැකියාවක් නොතිබූ බවද තහවුරු වී ඇත.

ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ Dilophosaurusගේ උස මීටර් 1.5ක් සහ දිග මීටර් 2.5ක් විය. එනම් මිනිසෙකුටත් වඩා ඉතාමත් කුඩා සත්වයෙකි.

නමුත් සැබෑ Dilophosaurus ඩයිනෝසෝරයන් උසින් මීටර 7ක් සහ දිගින් මීටර 6ක් වන බව පුරාවිද්‍යාඥයන් විසින් තහවුරු කර ඇත.


උපුටා ගැනීම් :
* ඡායාරූපය 01 : www.pinimg.com
* වීඩියෝව : Movieclips | YouTube Channel
* ඡායාරූපය 02 : www.gramho.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.