පෙර පාසලේදී අත්අකුරු ලියවන මොන්ටිසෝරි seal කරන්න පුළුවන් – ප්‍රවීන ගුරුවරියක් හෙළි කරයි

නීතියට අනුව පෙර පාසලේදී ළමයින්ට අකුරු ලිවිම තහනම් කියලා ඔබ දන්නවද? එහෙනම් ඇයි බොහෝ පෙර පාසල් මේ වැඩේ කරන්නේ? එයින් ළමයාට ඇතිවන බලපෑම මොන වගේද?

ජ්‍යාතන්තර පාසල් වලින් ලැබෙන අධ්‍යාපනය මොන වගේද? බුද්ධිමත් හා ක්‍රියාශීලි ළමයෙක් සමාජයට දායාද කරන්නේ කොහොමද වැනි අන්තර්ජාලයේ වැඩිය කතා බහ නොවෙන ඒත් සෑම දෙමාපියෙක්ම දැනගත යුතු කරුණු රාශියක් සාකච්චා කෙරෙන වීඩියෝවක්.

වසර 40කටත් වැඩි පළපුරුද්දක් ඇති ප්‍රවීන ආචාරිණී නන්දනී ද සිල්වා මහත්මියගේ දැනුම හා අත්දැකීම් වලින් ඉතාමත් සුළු කොටසක් හෝ ජාල ගත කිරීමට හැකිවීම ගැන eLearning අපි ඉතාමත් සතුටු වන්නෙමු. මෙවැනි සමාජයට වැඩක් ගතහැකි විචාරවත් චරිත ඔබ දන්නේනම් අපිට හදුන්වාදෙන්න.

පෙර පාසල සම්බන්ධ කර ගැනීම සඳහා : 078 575 1228

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.