දිය කරලා බොන්න පුළුවන් සිලි සිලි බෑගයක් හදුන්වාදෙන විව්‍යසායකයෙක්

Eco360 කියන්නේ ලංකාවේ පරිසරයට ආදරය කරන ව්‍යවසායකයින් පිරිසක් එකතුවී නිර්මාණය කරනු ලබන ආයතනයක්. මෙම ආයතනයේ සේවාවන් අතර ප්‍රධාන වන්නේ පරිසර හිතකාමී භාණ්ඩ ජනතාවට ලබාදීමයි.

ඔබ වරක් බී අහක දමන ප්ලාස්ටික් බීම බටය, කෑම ඇසුරුම, පොලිතින් බෑගය වැනි විනාශකාරී ද්‍රව්‍ය වෙනුවට විසදුම් ලෙස දිරාපත් වන හා භාවිතයට පහසු විවිධ භාණ්ඩ රාශියක් ඔවුන් සතුව ඇත.

පරිසරයට අපේ ඇති වගකීම සලකා eLearning තුලින් ඔවුන්ට ඉඩක් මෙසේ විවර කළා.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.