නිර්මාංශයිද? එහෙනං හරක් මස් බර්ගර් එකක් කමුද?

January 8, 2020

මීට දවස් කිහිපයකට කලින් අපි ඔයාලාට ගෙනාවා සත්ව ඝාතන වලින් තොරව සතුන්ගෙ මස් කෘතිමව විද්යාගාරවල වර්ධනය කරලා, ඒවා ආහාර වලට එකතු කරන්න සැලසුම් කරන පුවතක්. අද කෙටි සටහනෙන් අපි කියන්න යන්නෙත් ඊටම සමාන පුවතක්.

ඒ, ඇමරිකාවේ ආහාර නිෂ්පාදන සමාගම් කිහිපයක් සතුන්ගේ මස් වලින් තොරව, මස් රසම තියෙන, මස් වගේම ආහාරයක්, මස් නොවන ආහාර ද්රව්ය වලින් හදන්න පුලුවන්ද කියලා පරීක්ෂණ කරන පුවතක්. සමහරක් පරීක්ෂණ සාර්ථක වෙලා තියෙන අතරේ පෙළක් ආහාර නිෂ්පාදන සමාගම් මේ ආහාර වෙළදපලට නිකුත් කරලත් ඉවරයි. හැබැයි සමහරක් සමාගම් සහ පරීක්ෂණ ආයතන ඉක්මන් වෙන්නෙ නැතුව තවත් අලුත් ක්රම සහ නව්යතා ඔස්සේ පරීක්ෂණ කටයුතු කරගෙන යනවා.

මේ මාතෘකාවෙත් වැඩි දෙනෙක්ගෙ අවධානය යොමු වෙලා තියෙන්නෙ Impossible Foods Inc. සමාගමෙන් අවුරුදු කිහිපයකට කලින් වෙළදපලට හදුන්වා දුන්න සහ මේ දවස්වල තවත් නවීකරණය කරමින් පවතින Impossible Burger එකටයි.

ඒ, 100%ක් ශාක වලින් හදපු, ඒත් හරක් මස් වගේ පෙනෙන, දැනෙන, සුවඳ එන, ඒ හා සමාන රසයක් ගෙන දෙන බර්ගර් එකක්. මේ කෘතිම මස් පෙති, නිර්මාණය කරලා තියෙන්නෙ ද්රව්යන් සහ අමුද්රව්ය කොටස් කිහිපයක් එකතු කරලයි. ඒ අතරේ සෝයා ශාක, ජානමය වශයෙන් නිර්මාණය කරන ලද “ඊස්ට්”, තිරිඟු, ජලය, අල වගේ දේවල් ප්රධානයි.


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.gritdaily.com
* වීඩියෝව : WIRED | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.