ලියාපදිංචි නොකර වාසයෙන් සහ සංවාසයෙන් පමණක් විවාහ වෙන්න පුලුවන්ද? – Chanaka Abeywickrama

” වාසයෙන් කියලා කියන්නෙ දෙන්නා එක ගෙදර වාසය කිරීම. සංවාසයෙන් කියන්නෙ දෙන්නා ලිංගික ජීවිතයක් ගත කිරීම සහ දරුවන් වැදීම. හැබැයි මේ දෙන්නා කවදාවත් චාරිත්‍රානුකූල කටයුතු කරලා නෑ. රෙජිස්ටාර් ළගට ගිහින් විවාහය ලියාපදිංචි කරගෙනත් නෑ……. මේකත් ලංකාවේ නීතිය අනුව වලංගු විවාහයක්.

හැබැයි මේකෙ වලංගුතාවය ගැන ප්‍රශ්නයක් ඇති වුණොත්, මේක අධිකරණය ඉදිරියේ ඔප්පු කරන්න ඕන දෙන්නා එකට හිටියාය කියලා. අසල්වාසීන්ට විශ්වාසයක් ඇතිවෙලා තියෙන්න ඕන ඒ දෙන්නා සැමියා සහ බිරිද කියලත්, ඒ ඉන්නෙ එයාලගෙ දරුවො කියලත්. ප්‍රශ්නයක් වෙලා උසාවි ගිය ගමන් කවුරුත් මේක වලංගු විවාහයක් විදිහට පිළිගන්නෙ නෑ. හැබැයි අවශ්‍යතාවය තියෙන අයට පුලුවන් මේක වලංගු විවාහයක් කියලා අධිකරණයට ඔප්පු කරන්න. ”

පවුල් නීතිය (විවාහය, දික්කසාදය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නඩත්තු සහ දරුවන්ගේ භාරකාරත්වය) පිළිබඳ නීතීඥ චානක අබේවික්‍රම මහතාගේ අතිවිශේෂ eLearning.lk දේශන මාලාව –

✍ දැන්ම Register වෙන්න – https://bit.ly/3Fs7uGA
? Join WhatsApp Group – https://chat.whatsapp.com/JHdw6wRchALHUsHrQjW1A6
☎ තාක්ෂණික සහාය සඳහා – 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...