Adobe වගේ Softwares දැන් Crack කරලා ගන්න අවශ්‍ය නෑ

ඔන්න මම 99%ක් දෙනා අහන්න අකමැති කතාවක් කියන්න යන්නේ ?

Adobe වගේ softwares දැන් crack කරලා ගන්න අවශ්‍ය නෑ.

මේ 2010 නෙවෙයි. අද වෙද්දි Adobe software එකක් afford කරගන්න බැරි නම් ඒ වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් ගොඩක් ආදේශක තියෙනවා.

01. Gravit Designer
මේක free සහ pro version එකක් එන design tool. මමත් ටික කාලයක් පාවිච්චි කළා. සාමාන්‍යයෙන් වැඩ ටිකක් කරගන්න පුලුවන් tool එකක්.

02. Vectr
නමේ හැටියටම සාමාන්‍ය vector designs කරගන්න පුලුවන් free tool එකක්. මම පාවිච්චි කරලා නම් නෑ.

03. Krita
Digital arts කරගන්න පුලුවන් සුපිරිම free tool එකක්. මමත් මේ දවස් වල අඳින්න පුරුදු වෙන්නේ මේකේ.

04. Photopea
මේක browser එකේ වැඩ කරන free online tool එකක්. Interface එක Photoshop වගේමයි. Ps තරම්ම powerful නොවුණත් පොඩි පොඩි වැඩ කරගන්න පුලුවන්.

05. Davinci Resolve
Premiere Pro වලට දැනට තියන හොඳම ආදේශකයක්. මේකෙත් free සහ pro versions දෙකක් එනවා. නමුත් බොහෝ දුරට pro version එක ඕන වෙන එකකුත් නෑ මොකද free එකෙන් ගොඩක් දේවල් කරගන්න පුලුවන්. Hollywood වල පවා පාවිච්චි කරලා තියන powerful color grading tool එකක් එනවා. මේක ඇතුලෙම audio edit කරගන්න එහෙමත් පුලුවන්. After Effects වලට හොඳ ආදේශකයක්ද කියලනම් කියන්න දන්නෙ නෑ.

06. Affinity Suite
දැනට Adobe Photoshop, Illustrator සහ Indesign වලට තියන සාර්ථකම ආදේශකයක් සහ මම primary විදිහට පාවිච්චි කරන්නේ මේක. Affinity Photo, Designer සහ Publisher කියලා softwares තුනක් තියෙන්නේ. එක software එකක lifetime cost එක $50යි. සමහර කාල වලදි 50% discount offers එහෙමත් දෙනවා. මේකේ publisher එකනම් මම පාවිච්චි කරල නෑ.

07. Apps
Mobile apps වලින් Canva සහ Pixlr මම පාවිච්චි කරපු හොඳ tools දෙකක්.

08. Remove.bg
මේක සම්පූර්ණ design software එකක් නෙවෙයි. නමුත් portrait photo එකක background එක ක්ෂණිකව අයින් කරගන්න පුලුවන් සුපිරි online tool එකක්.

09. Design
Design කියන්නේ photoshop software එකට වඩා ගොඩක් එහා ගිය විෂයක්. Photoshop නිකම්ම tool එකක් විතරයි. වැදගත් වෙන්නේ design විෂය ගැඹුරින් හදාරන එක. නැතිව අපිට අවශ්‍ය වැඩේ කරගන්න පාවිච්චි කරන tool එක මොකද්ද කියලා අදාල වෙන්නේ නෑ. මොකක් හරි available tool එකකින් හොඳ Solution එකක් දීමයි වැදගත්.


? මේ වගේ වෙනත් ආදේශක පාවිච්චි කිරීමේ disadvantage එකක් විදිහට තියෙන්නේ team එකක් එක්ක වැඩ කරද්දි. මොකද වැඩ කරන eco system එක වෙනස් නිසා අපි කරන project එක තව කෙනෙක්ට edit කරන්න අපහසු වෙන්න පුලුවන්. නමුත් තනියම වැඩ කරද්දි නම් ලොකුම අව්ලක් නෑ.

? Designer කෙනෙක් විදිහට ඉදිරියට යද්දි බොහෝ දුරට printing, branding, ui, drawing, photo manipulation, retouching හැම දේම කරන්නේ යන්නේ නැ. අංශ එකක් හෝ දෙකක් තෝරගෙන ඒක ගැඹුරින් හදාරලා master කරන එකයි වෙන්නේ. අනිත් ඒවා ගැන general අදහසක් තියාගන්න පුලුවන්. ඉතින් එහෙම යද්දි ඔය හැම tool එකක්ම වැදගත් වෙන්නෙ නැති වෙන්න පුලුවන්. වැඩේට ගැලපෙන එක තෝරගත්තම ඉවරයි.

? Adobe වල වරදක් කියන්නේ නෑ. තමන්ට afford කරන්න පුලුවන් නම් පාවිච්චි කළාට කිසිම අව්ලක් නෑ. හරි විදිහට කරනවනම් softwares වලට යන cost එකත් අපි project වල ආදායමෙන් cover කරගන්න ඕනේ. රුපියල් 500-1000ට වැඩ කරන්න බැරි ඒකයි. අඩු තරමේ ලයිට් බිලවත් cover වෙන්නෙ නෑ. Commercial වැඩ කරද්දි clientගෙන් සල්ලි අරගෙන project කරලා, අනිත් පැත්තෙන් අපි පාවිච්චි කරන්නේ හොරකම් කරපු බඩු නම් ඒක අන්තිම කුජීත වැඩක්.

? Softwares තියා අඩු තරමේ stock image එකක්වත් හොරකම් කිරීම වෘත්තිමය designer කෙනෙක් කළ යුතු දෙයක් නෙවෙයි. ඒ නිසා තමයි අපි කරන වැඩ වලට නිසි මුදලක් අය කළ යුත්තේ. එතකොට කිසිම resource එකකට ගෙවන්නේ අපි නෙවෙයි, project එක දෙන client.

? අපි commercial වැඩක් කරද්දි පාවිච්චි කරන stock images, royalty free audio, fonts, එකී නොකී හැම resources එකකටම designer අතින් ගෙවන්නේ නෑ. Project එකේ cost එකට ඒවාත් අදාලයි.

Project එක පටන් ගන්න කලින් clientව දැනුවත් කරන්න ඕනේ ⁣additional resources වලට වෙනම ගෙවන්න සිදු වෙනවා කියලා. මොකද ඒවා ගෙවන්නේ අපිටත් නෙවෙයි. අදාල තැනින් ගන්න resources වල license එක clientට තියෙන්න ඕනේ.

ඉතින් project එකකට ගන්න stock image එකක්වත් හොරකම් කළ යුතු නෑ.

වැඩේ දැනගෙන හරි විදිහට කරන්න.

Edit –
Comments වල සඳහන් කරලා තිබුණු තව ආදේශක කිහිපයක්.
? GIMP
? Inkscape
? Blender
? Google Web Designer
? Figma

BMAD Plus ආයතනයේ නිර්මාතෘවරයා සහ අධ්‍යක්ෂකවරයා වන මයන්ත ශවීන් මහතා, Brand Identity Design, Brand Strategy Design සහ Digital Marketing ක්ෂේත්‍රයන් පිළිබඳ අත්දැකීම් බහුල අයෙකි. තරුණයෙක් විදිහට ඔහු ජීවිතය ගොඩනගා ගන්නා ගමන් අනෙක් තරුණයන්ටත් ජීවිතයේ ඉදිරියට යෑමට සහාය දීම වෙනුවෙන් eLearning.lk Blog අඩවිය වෙත ලිපි සම්පාදනය කරනු ලබයි.