අනුරාධපුර දළදා මාළිගාව

අනුරාධපුරයේ ඇතුළු නුවර පුරාවිද්‍යා කැණිම් ප්රදේශයේ් පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල අනුරාධපුර රාජධානි සමයේ දළදා මන්දිරය ලෙස භාවිතා වී ඇති බව සොයාගෙන තිබේ.
වර්තමානයේ මහ නුවර දළදා මාළිගාවේ වැඩ සිටින වම් දළදා වහන්සේව, අනුරාධපුර යුගයේ තැන්පත් කර තිබී ඇත්තේ මෙම ගොඩනැගිල්ල තුළය.
මෙම දළදා මාළිගාව ධාතුසේන, 1 වන අග්ගබෝධි, 4 වන මිහිදු වැනි රජවරුන්ගේ පාලන අවදි තුළදී ප්‍රතිසංස්කරණය වූ බවත්, මේ අතර කාලයකදී ගොඩනැගිල්ල ගින්නකින් විනාශ වූ බවත් සදහන් වෙයි. මෙම ගොඩනැගිල්ල අසල ඇති අනෙකුත් ගොඩනැගිලි මහා පාලි දාන ශාලාවේ සහ ගෙඩිගේ ගොඩනැගිල්ලේ නටබුන් ලෙස හදුනාගෙන ඇත.
මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ සම්පූර්ණ ලිපිය – https://elearning.lk/blog/inner-city-of-anuradhapura/