Arecibo නිරීක්ෂණාගාරය බිඳ වැටේ !

December 7, 2020

Puerto Rico වනාන්තරයේ ඇමරිකාව විසින් ස්ථාපනය කරලා තියෙන Arecibo නිරීක්ෂණාගාරයේ අඩි 1000ක් පළල යෝධ දුරේක්ෂය පසුගිය දෙසැම්බර් 01 වෙනිදා හදිස්සියේම කඩා වැටීමකට ලක් වුණා.

මේ සිදුවීමට හේතුව විදිහට වාර්තා වෙන්නෙ, අවුරුදු ගණනාවක් තිස්සේ දුරේක්ෂය ක්‍රමත් ක්‍රමයෙන් අබලන් වෙමින් පැවතීමේ ප්‍රතිපලයක් විදිහටයි. ඒ, භූමිකම්පා සහ සුළි කුණාටු වගේ ස්වභාවික ව්‍යසන නිසයි. ඒ වගේම 2020 අවුරුද්දේ අගෝස්තු මාසයේදී, දුරේක්ෂයේ පළවෙනි කේබලයේ ගැලවීම සිදු වුණා කියලත් වාර්තා වෙනවා.


Video Credits – CNET Highlights | YouTube

මේ නිසා දුරේක්ෂය කඩන් වැටීමට දවස් 12කට කලින්, මේ දුරේක්ෂය භාවිතයෙන් ඉවත් කරන්න තමයි ඇමරිකාව තීරණය කරලා තිබුණෙ. ඒ වගේම දුරේක්ෂය ගොඩක් වයස නිසා නිරීක්ෂණාගාරයට වෙන් කරලා තියෙන අරමුදල් එහෙමත් කාලයක් තිස්සෙ අඩුවෙන් තමයි නිකුත් කරලා තියෙන්නෙ.

Arecibo නිරීක්ෂණාගාරය සහ තාරකා විද්‍යාඥයන් අවුරුදු 60කට ආසන්න කාලයක් මේ දුරේක්ෂයෙන් විශාල සොයා ගැනීම් රාශියක් කළා. Arecibo දුරේක්ෂය ඔස්සේ කරපු ගොඩක් සොයාගැනීම් වලට නොබෙල් ත්‍යාග පවා ලැබිලා තියෙනවා.


Photo Credits – www.theatlantic.com


Photo Credits – www.theatlantic.com

Arecibo දුරේක්ෂය ඔස්සේ කරපු ඒ වගේ සුවිශේෂී සොයා ගැනීම් කිහිපයක් ගැන කියනවා නම්,

1) පෘතුවියට ආසන්න වෙමින් පවතින ග්‍රාහක 100ක් පමණ සොයා ගැනීම

2) ආලෝක වර්ෂ මිලියන 250ක් ඈතින් පිහිටා ඇති මන්දාකිනියක, පළමු කාබනික අණු සොයා ගැනීම

3) අපගේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් නොවන ග්‍රහලෝකයක්, පළවෙනි වතාවට සොයා ගැනීම (First-ever Exoplanet)

ඒ වගේම මේ නිරීක්ෂණාගාරය, විශ්වයේ ඉන්න බුද්ධිමත් ජීවීන් සෙවීමේ ව්‍යාපෘති වලටත් දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ අතරින් බුද්ධිමත් ජීවීන්ට කවදා හෝ දවසක ලැබෙයි කියන අරමුණින්, නිරීක්ෂණාගාරයේ ඉදලා අභ්‍යාවකාශයට සංඥඥා මුදා හැරීම ප්‍රධානයි.

* වැඩි විස්තර සඳහා : https://mashable.com/article/arecibo-telescope-collapse-video/

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...