Articles ලියලා දාන්න වඩාත් හොඳ Blog එකක්ද, නැත්තං Social Network එකක්ද?

July 27, 2020

චරිත් වීරසූරිය අයියගේ Blace Pro Group එකේ, ටෙරාන් කන්නංගර දාලා තිබ්බ ප්‍රශ්නයක් පාදක කරගෙන හොඳ කතාබහක් ඇති වුණා. ඒකේම දිගුවක් විදිහට තමයි මේ ලිපිය පළ කරන්න හිතුවේ.

මේක මට තරමක් වැදගත් ගැටලුවක්.

මොකද මමත් social media strategy එකක් හදනකොට මතු වුණ ගැටලුවක්.

Articles ලියලා දාන්න වඩාත් හොඳ blog එකක්ද, නැත්තං social network එකක්ද?


කොහොමහරි, Group එකේ මේ ගැන හොඳ කරුණු කිහිපයක් ඉදිරිපත් වෙලා තිබ්බා.

එකක් තමයි social media වල page එකක් හදලා article දානවට වඩා blog එකක දානකොට authority එක වැඩියි කියලා චන්දිම ගලහිටියාව කියලා තිබ්බා.

අනිත් අදහස වුණේ Social media කවදා කොහොම වෙයිද කියන්න අපි දන්නෑ. අවුරුදු ගාණක් තිස්සෙ ගොඩනගපු page එකක් ⁣දවසින් නැති වෙන්න පුලුවන්.

එතකොට ඇත්තටම මොකද්ද වඩාත් හොඳ ක්‍රමය?


ඉස්සර මම කරුණු හොයනකොට අවබෝධ කරගත්ත දේවල් කිහිපයක් තියනවා. ඒ අනුව පුලුවන් හොඳ තීරණක් ගන්න.

ප්‍රධානම දේ තමයි,

අපි blog එකක සහ social network එකක වෙනස දැනගෙන ඉන්න ඕන.


Social media හරහා අපි කරන්නෙ interest based targeting. Blog එකක් හදලා search engine වලින් කරන්නෙ intention based targeting.

මොකද්ද ඒ හරුපේ තේරුම…

කෙනෙක් google වගේ search engine එකකින් කරන්නෙ තමන්ට අවශ්‍ය යමක් හොයන්න උත්සාහ කරන එක. උදාහරණ විදිහ⁣ට,

“How to learn graphic design” කියලා කෙනෙක් google එකේ search කරන්න පුලුවන්.

අපි graphic design ගැන ඉගෙන ගන්න විදිහ පැහැදිලි කරලා, blog article එකක් ලියලා, SEO කරලා තිබ්බනං, graphic design ගැන ඉගෙන ගන්න “intention” එකක් තියන මිනිස්සුන්ව search engine හරහා ආකාර්ෂණය කරගන්න පුලුවන්.

අනිත් අතින් facebook වල ක්‍රමවේදය වෙනස්. මේකෙදි කරන්නෙ graphic design ගැන “interest” එකක් තියන මිනිස්සුන්ව හොයලා target කරන එක.

ගමේ ග්‍රාමසේවකටත් වඩා හොඳට facebook එකෙන් අපි ගැන දන්නවා. කෙනෙක් graphic design විෂයට කැමැත්තක් තියනවනං හෝ ඒ ක්ෂේත්‍රයේ නියැලෙනවනං ඒ ගැන facebook එකෙන් දන්නවා. ඉතින් අපිට පුලුවන් අන්න ඒ වගේ අයව social media හරහා target කරන්න.

මිනිස්සු search engine වල සක්‍රීයව දේවල් හොයනවා. නමුත් social network වල වැඩිපුර කරන්නේ feed එකේ උඩට පහළට යන එක.

Search engine වලින් අපි හොයන දේ පෙන්වන එක කළාට social media වල කරන්නේ අපි කැමති දේවල් හඳුනගෙන අපේ feed එකේ පෙන්වන එක. අන්න ඒකයි intention සහ interest අතර වෙනස.

එතකොට articles දාන්න හොඳ social network ද, blog එකක්ද?


Blog එකකුයි, Social Network එකකුයි serve කරන්නෙ වෙනස් පරමාර්ථ දෙකක් වෙනුවෙන්. හොඳම දේ තමන්ගේ පරමාර්ථය හොඳින් හඳුනගෙන ඒකට සුදුසු ක්‍රමය තෝරගන්න එක.


උපුටා ගැනීම් :
* ඡායාරූපය 01 : www.navenpillai.com
* ඡායාරූපය 02 : www.buzzfeed.com

BMAD Plus ආයතනයේ නිර්මාතෘවරයා සහ අධ්‍යක්ෂකවරයා වන මයන්ත ශවීන් මහතා, Brand Identity Design, Brand Strategy Design සහ Digital Marketing ක්ෂේත්‍රයන් පිළිබඳ අත්දැකීම් බහුල අයෙකි. තරුණයෙක් විදිහට ඔහු ජීවිතය ගොඩනගා ගන්නා ගමන් අනෙක් තරුණයන්ටත් ජීවිතයේ ඉදිරියට යෑමට සහාය දීම වෙනුවෙන් eLearning.lk Blog අඩවිය වෙත ලිපි සම්පාදනය කරනු ලබයි.