බර කව ගබ සක

මහ නුවර යුගයේ කරතොට ධර්මාරාම හිමියන් විසින් රචිත බාරස කාව්‍ය නොහොත් බර කව ගබ සක නමැති කාව්‍ය මාලාව, එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම සිංහල කාව්‍යයක් ලෙස සැළකිය හැක.
එහිි අර්ථය, දොළොස් කවක් ගැබ් වූ වගුව යන්නයි. මෙහි පේළි සතරක් සහිත කවි 12ක් ඇති අතර එක් එක් අකුර වෙනුවෙන් එක් කොටුව බැගින් වෙන් කර ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම කොටු වමේ සිට දකුණටත්, දකුණේ සිට වමටත්, ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් කියවීමේ හැකියාව තිබීමයි.
ඒ සෑම පේළියක්ම අවසානයේදී විශේෂණ පද රැසකින් බුදුරජාණන් වහන්සේගෙ ගුණ විස්තර කෙරේ. උන්වහන්සේ විසින් සිර දඩුවමකින් බේරීම සඳහා රාජාධි රාජසිංහ රජු පහදවා ගැනීමට නිර්මාණය කළ මෙම කවි පෙළ, පල්ලෙබැද්ද සංඛපාල රජමහා විහාරයේ සිත්තම් කර ඇත.
මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ ලිපිය – https://elearning.lk/blog/karathota-dharmarama-thero/