මහනුවර ඉතිහාසයට සමාන කතාවක් රුසියාවෙන් | Kuzma Minin, Dmitry Pozharsky- Chamara Sumanapala (Sinhala)

රුසියානු ජනතාව 1612 දී මොස්කව් නුවර අල්ලාගෙන සිටි පෝලන්ත ජාතිකයන් එළවා දැමූ අරගලයට නායකත්වය දුන් දෙදෙනාගේ ප්‍රතිමාවක් අද රතු චතුරශ්‍රයේ තැන්පත් කර තිබෙනවා. මේ එම අරගලයේ කතාවයි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.