බර්මියුඩා ත්‍රිකෝණයේ මීතේන් නිධි

බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිත මුහුදු පත්ලේ විශාල මීතේන් නිධියක් පිහිටා ඇති බව මේ වනවිට සොයා ගෙන තිබේ. මීතේන් යනු සරල ඇල්කේනයකි. මුහුදු පත්ලේ මීතේන් නිධිගත වී ඇත්තේ වායු මළු (gas pockets) ආකාරයටය.

සමහර අවස්ථා වලදී අධික පීඩනය හේතුවෙන් මෙම වායු මළු පිපිරී මීතේන් විශාල වශයෙන් මුහුදු ජලය හා මිශ්‍ර වේ. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ මුහුදු ජලයේ ඝනත්වය එක්වරම පහළ බසියි. එවිට මුහුද මතුපිට යාත්‍රා කෙරෙමින් ඇති ඕනෑම බෝට්ටුවක් හෝ නෞකාවක් තත්පර 10 කට අඩු කාලයකදී ගිලී යා හැක.

ඒ ආකාරයටම මීතේන් වායුව විශාල වශයෙන් වාතය හා මුසු වීමෙන් වායුගෝල ඝනත්වය අඩු වී අහසේ පියාසර කෙරෙමින් ඇති ගුවන් යානා වායු කලාපය තුළ ගිලී යයි. (එනම් කඩා වැටේ.) ඊට අමතරව වාතයේ මීතේන් සාන්ද්‍රණය වැඩි වී, ඉන්ධන දහනයට අවශ්‍ය ඔක්සිජන් හිඟ වීමෙන් ගුවන් යානා එන්ජින් අක්‍රීය වීමද සිදු විය හැකිය.

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ ලිපිය – https://elearning.lk/blog/bermuda-triangle

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...