ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව අවසන් විසදුම – බර්ට්‍රම් ලියනගේ

විචාර පුර්වක සිතීමේ හැකියාව ගැන බොහෝදෙනා කතා වෙනවා. හැබැයි, කවුරුත් කතා වෙන්නේ නෑ හරියටම කොහොමද පවතින අධ්‍යාපන ක්‍රමය විචාර පුර්වක බුද්ධිය ලැබෙන ආකාරයට වෙනස් කරන්නේ කියල. මෙන්න මේ ප්‍රශ්නයට විසදුම අපි ඉදිරිපත් කරනවා මේ සාකච්චාව ඔස්සේ.

මේ සාකච්චාවට එකතු වෙන්නේ විෂයන් ගණනාවක් පරතෙරටම අධ්‍යයනය කරපු, ක්ෂේත්‍ර කීපයකම ප්‍රමාණික විද්වතෙක් ලෙස හැදින්විය හැකි බර්ට්‍රම් ලියනගේ ගුරුතුමාව. ඔහු මේ දිනවල බෞද්ධ විශ්වකෝෂයේ නියෝජ්‍ය කර්තෘ ලෙස කටයුතු කරනවා. ඒ වගේම දර්ශනය හා බැඳුනු විෂයන් සදහා කථිකාචාර්ය වරයෙකුද වෙනවා. බලන්න මේ අපූරු කතාබහ. ඔබේ මනසට නව අදහස් රැසක් ගලා එන සාකච්චාවක් වනු නොඅනුමානයි.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.