සොබාදහමට අභියෝග කිරීමේ භයානකකම

උක් වගාවන් සහ අනෙකුත් වගාවන් වලට කුරුමිණියන්ගෙන් වන විශාල හානිය වැළැක්වීම සඳහා 1935 වසරේදී දකුණු සහ මධ්‍යම ඇමරිකාවට ආවේණික ගෙම්බන් විශේෂයක්, ඕස්ට්‍රේලියාව විසින් ආනයනය කිරීමට පියවර ගැණිනි. මෙම ගෙම්බන් විශේෂය Cane Toads යනුවෙන් හැඳින්වූ අතර එම සතුන් වගාවන් සහිත ප්‍රදේශ වලට මුදා හරින ලදී.

ඉලක්කගත කෘමී සතුන්ට අමතරව අනෙකුත් කෘමීන්, සමනලයින්, කටුස්සන් වැනි සතුන්ද මෙම ගෙම්බන්ගේ ආහාර විය.

ඉන්පසුව එම ගෙම්බන්ගේ ගහණය සීඝ්‍රයෙන් ඉහළ යෑම ඇරඹිනි. බිම් අගලක් නෑර ගෙම්බන් පැතිරිණි.

එහි ප්‍රතිපලයක් ලෙස වෙඩි තැබීම්, පොලු වලින් ගැසීම්, වාහන වලින් යට කිරීම් වැනි විවිධ ක්‍රම ඔස්සේ එම ගෙම්බන් මර්ධනය කිරීමට ඕස්ට්‍රේලියානුවන් පියවර ගන්නා ලදී.

එනමුත් අදද එම ගෙම්බන්ගේ ගහණය පාලනය කිරීමට ඕස්ට්‍රේලියාව අපොහොසත්ය. 1935 වසරේදී ගෙම්බන් 102ක් ආනයනය කළ අතර අද වන විට (2022) එම වර්ගයේ ගෙම්බන් බිලියන දෙකකට අධික සංඛ්‍යාවක් ඕස්ට්‍රේලියාවේ සිටියි.

මේ සම්බන්ධව eLearning.lk අපි නිර්මාණය කළ සම්පූර්ණ වාර්තාමය වැඩසටහන –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...