නත්තල තියෙන්නෙ ජනවාරියෙ…?????

January 7, 2020

ඔයාලා දන්නවද ලෝකයේ ඉන්න කිතුනුවන්ගෙන් 12%ක් නත්තල සමරන්නෙ ජනවාරි මාසයේ කියලා? මේකට හේතුව තමයි ගොඩක් ඕතඩොක්ස් පල්ලි විසින් අවුරුදු 2000කට ආසන්න කාලයක් තිස්සේ පැරණි දින දර්ශනයක් අනුගමනය කිරීම.

මේ පටලැවිල්ලට හේතුව වුණේ “ජේසුස් වහන්සේගේ උපත සිද්ධ වුණේ කවදාද?” කියන ප්රශ්නයයි. මේ ප්රශ්නයේ මූලාරම්භය ජේසුස් වහන්සේගේ මරණයෙන් අවුරුදු 325ක් වුණු තැන ඇති වුණු ප්රශ්නයක්. ඉතින් හරි වර්ෂය, මාසය සහ දිනය ගණනය කිරීමේදී ක්රම දෙකක් භාවිතා වෙලා තියෙනවා. මේ ක්රම දෙකම ගණනය කරන්න තාරකා විද්යාවත් සැළකිල්ලට අරගෙන තියෙනවා.

ඒ අනුව ඕතඩොක්ස් පල්ලියේ පිරිස ඈත අතීතයේ ඉදලම ආපු ජූලියන් දින දර්ශනය ගැන විශ්වාසය තියලා, අද වෙනකනුත් ඒ දින දර්ශනයම භාවිතා කරන්න ගත්තා. අනිත් සියලු දෙනාම අද ලෝකයේ අපි හැමෝම භාවිතා කරන ග්රෙගෝරියන් දින දර්ශනය භාවිතා කරන්න ගත්තා. ග්රෙගෝරියන් දින දර්ශනයේ නත්තල උදා වෙලා, ආසන්න වශයෙන් දවස් 13කට පස්සෙ වගේ තමයි ජූලියන් දින දර්ශනයේ නත්තල උදා වෙන්නෙ.

පස්සෙ කාලයක ජූලියන් දින දර්ශනය පිළිගත්ත පිරිසෙන් කොටසක්, ජූලියන් දින දර්ශනය සංශෝධනයකට ලක් කරලා, සංශෝධිත ජූලියන් දින දර්ශනයක් පිළිගත්තා. ඒ අතරේ ග්රීසියේ, සයිප්රසයේ සහ රුමේනියාවේ පල්ලි කිහිපයක් තියෙනවා. ඒකෙ ප්රතිපලයක් විදිහට ඒ රටවල නත්තල, අනිත් රටවල වගේම දෙසැම්බර් 25 සැමරීමට මාරු වුණා. ඒ වගේම රුසියාව, ඊජිප්තුව වගේ රටවල තියෙන අනිත් ඕතඩොක්ස් පල්ලි මේ නව සංශෝධිත ජූලියන් දින දර්ශනයට එකඟ වුණේ නෑ.

අද වෙනකොට ඕතඩොක්ස් ක්රිස්තියානි ධර්මය, මිලියන 260ක අනුගාමිකයන් පිරිසක් ඉන්න තුන්වන විශාලතම ක්රිස්තියානි නිකාය බවටත් පත් වෙලා තියෙනවා.

* වැඩි විස්තර සඳහා : https://www.nationalgeographic.com/history/reference/holidays/why-celebrate-christmas-january/


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.history.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.