ගිලන්පස පූජා දෙකක්?

දළදා මාළිගාවේ තේවා කටයුතු සඳහා රජුගේ සහභාගීත්වය එකල අනිවාර්යය විය. දිනක් කීර්ති ශ්‍රී රාජසිංහ රජු සවස ගිලන්පස පූජාවට පැමිණෙන විට පූජාව අවසන් කර තිබිණි. එබැවින් රජතුමා අලුත් ගිලන්පසක් සකසා පූජා කළේය.

ඉන්පසුව, එදා සිට අද දක්වාම දළදා මාළිගාවේ සවස ගිලන්පස පූජාවන් දෙකක් සිද්ධ කරනු ලබයි. පළමුවැන්න රාත්‍රී 7.00ටත්, දෙවැන්න රාත්‍රී 7.30ටත් තැන්පත් කරයි.

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ ලිපිය මෙතනින් – https://elearning.lk/blog/nagasingham-drummers-in-dalada-maligawa/

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...