මද කිපීම

January 19, 2022

අලියෙකු හෝ ඇතෙකු ලිංගික ක්‍රියාවලියට සූදානම් යනුවෙන් පිටතට හගවන සංඥාව මද කිපීම නම් වේ. මෙවැනි අවස්ථාවකදී එම සතුන්ගේ කන ආශ්‍රිතව තිඛෙන මද ග්‍රන්ථි වලින් දුඹුරු පැහැයට හුරු මද දිය වැගිරෙයි. මද දිය වලින් පිට වන ගන්ධය, කෝපි සුවඳට සමාන ගන්ධයකි.

ආසන්න වශයෙන් මාස දෙකකට ආසන්න කාලයක් මෙම මද කාලය පවතින අතර මෙම කාලය තුළ අලි ඇතුන් ඉතාමත් නොසන්සුන් වෙයි. මෙම කාලය තුළ හීලෑ අලි ඇතුන් ගස් බැඳ තබයි. මද ග්‍රන්ථි වලින් මද ශ්‍රාවය වීම අවසන් වීම යනු මද කාලය අවසන් බවට දක්නට ලැඛෙන සළකුණයි.

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ ලිපිය – https://elearning.lk/blog/tamed-elephants-and-tuskers-of-sri-lanka

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...