(අ)වාසනාවන්ත නාගසාකි

ඇමරිකානු හමුදාව විසින් හිරෝෂිමාවට පරමාණු බෝම්බයක් හෙළා ජපානයේ යටත් වීම අපේක්ෂා කළත්, එවැන්නක් සිදු වූයේ නැත. එම නිසා ඉන් දින තුනකට පසුව, එනම් 1945 අගෝස්තු 09 වන දින නාගසාකි නගරයටද පරමාණු බෝම්බයක් හෙළන ලදී.

Fat Man නමින් හැඳින්වූ මෙම බෝම්බය, හිරෝෂිමා බෝම්බයට වඩා ඉතාමත් බිහිසුණු වූවත්, හිරෝෂිමා නගරයේ තරම් ප්‍රබල විනාශයක්, නාගසාකි නගරයේ සිදු වූයේ නැත. හිරෝෂිමා ප්‍රහාරයෙන් 135,000ක් මිය ගිය අතර නාගසාකි ප්‍රහාරයෙන් මිය ගියේ 80,000ක් පමණි.

හිරෝෂිමාව පැතලි ප්‍රදේශයක පිහිටා තිබුණත්, නාගසාකි නගරය පිහිටා තිඛෙන්නෙ නිම්නයක වීම මීට හේතුවයි.

මේ සම්බන්ධව eLearning.lk අපි නිර්මාණය කළ සම්පූර්ණ වාර්තාමය වැඩසටහන –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...