FRB 180916 තරංගය

January 11, 2022

2018 සැප්තැම්බර් මාසයේ 16 වන දින තාරකා භෞතික විද්‍යාඥයින්ට, විශ්වයේ ඇති වෙනත් මන්දාකිණියක සිට පෘතුවිය දෙසට එන අභිරහස් තරංග මාලාවක් සොයා ගැනීමට හැකි විය.

FRB 180916 ලෙස නම් කරන ලද මෙම රේඩියෝ තරංග මාලාවේ ඇති විශේෂත්වය වන්නේ, තරංග මාලාව සොයා ගත් දිනයේ සිට අද වන තුරු එය සිත්ගන්නා සුළු රටාවක් අනුව නොකඩවා පැමිණිමයි.

මීට හේතුව වන්නේ දින 4ක් පුරාවට සක්‍රීයව ලැඛෙන මෙම තරංග මාලාව, දින 12ක් යන තුරු අක්‍රීය වීමයි. දින 12කට පසුව නැවතත් දින 4ක් අඛන්ඩව ලැබී, දින 12ක් යන තුරු අක්‍රීයවේ. FRB 180916 යනු විශ්වයේ සිට අපට ලැඛෙන තරංග මාලා රාශියක් අතරින් එකක් පමණි.

—————————————————————————
පිටසක්වළ සිට පෘතුවියට එන තරංග ගැන අපි නිර්මාණය කරපු වාර්තාමය වැඩසටහන :

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...