ගාසා තීරය

පලස්තීනයේ ප්‍රධාන කොටස් දෙකක් ඇත. එනම් බටහිර ඉවුර සහ ගාසා තීරයයි. බටහිර ඉවුර යනු ජෝර්දාන් නදියේ බටහිර ඉවුරේ සිට විහිදෙන ප්‍රදේශයක්.

1967 සයදින යුද්ධයේදී බටහිර ඉවුර ජෝර්දානයෙන් ඊශ්‍රායලය අතට පත්වුණා. ගාසා තීරය එම යුද්ධයෙන් පසු ඊජිප්තුවෙන් ඊශ්‍රායලය අතට පත්වුණා. 1990 දශකයේ ඔස්ලෝ ගිවිසුම් අනුව බටහිර ඉවුරේ ඇතැම් කොටස් සහ ගාසා තීරය පලස්තීන පාලන අධිකාරිය වෙත පවරා දෙනු ලැබුණා.

ගාසා තීරය යනු වර්ග කිලෝමීටර් 365 ක පමණ කුඩා ප්‍රදේශයක්. එනම් කොළඹ දිස්ත්‍රික්කයටත් වඩා කුඩා ප්‍රදේශයක්. නමුත් මෙහි මිලියන දෙකක පමණ ජනගහනයක් වෙසෙනවා. ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පන් දහසක් වැනි විශාල අගයක් ගන්නවා.

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ සම්පූර්ණ ලිපිය – https://elearning.lk/blog/gaza-organizations/

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...