Grand Turk දූපත

September 8, 2021

පණු කුහර පිළිබද මතය උද්දීපනය කිරීමට සමත්, ඇසූවන් කිළිපොළා යැවූ සිදුවීමක් 1964 වසරේ ජූනි 7 දින බර්මියුඩා ත්‍රිකෝණ කලාපයේදී සිදු විය.

සිවිල් ගුවන් නියමුවරියක වූ කැරොලයින් කැෂියෝ උක්ත දින තම ගුවන් යානාව අහසට නැංවූයේ Grand Turk දූපත වෙත යාමටය. බහමාස් දූපත් සමූහයේ විශාලතම දූපතක් වන මෙම දූපත අධික ජනගහණයකින් යුක්ත වූ අතර මෙය සතුව විශාල ගුවන් තොටුපළක්ද පැවතිණි. ගුවන්ගත වී පැයකට පමණ පසු පාලක මැදිරිය ඇමතූ කැරොලයින්, තමන් මේ වනවිට විශාල හා ජනශූන්‍ය දූපතකට ඉහළින් පියාසර කරන බවත්, Grand Turk දූපත සොයා ගත නොහැකි බවත් දැන්වූවාය. ඇගෙන් ගුවන් යානයේ පිහිටීම පිළිබඳව තොරතුරු ලබා ගත් පාලක මැදිරියේ නිළධාරීහු මුහුණට මුහුණ බලා ගත්හ.

අක්ෂාංශ හා දේශාංශ අනුව කැරොලයින් ගමන් කරමින් සිටියේ Grand Turk දූපතට ඉහළ අහසේය! එහෙත් ඇය පුන පුනා පැවසුවේ මේ නම් Grand Turk නොවන බවයි. මේ දූපතේ ගුවන් තොටුපළක් තියා කුඩා ගොඩනැගිල්ලක්වත් දක්නට නොමැති බවත්, මුළු දූපතම ඝන කැලයකින් වැසී ඇති බවත් දැනුම් දුන් කැරොලයින් ගුවන් යානය ආපසු හරවා ගෙන පාලක මැදිරිය වෙත පැමිණෙන්නේ යැයි කීවද ඇය යළි කිසිදු දිනෙක නැවත පැමිණියේ නැත !

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ සම්පූර්ණ ලිපිය – https://elearning.lk/blog/bermuda-triangle/

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...