Slytherinsලා වෙනුවෙන්

April 22, 2020

පසුගිය සතියක Zoosystematics and Evolution සගරාවට ඉන්දීය පර්යේෂකයන් පිරිසක් වාර්තාවක් පල කළා. ඒ වාර්තාව අනුව ඉන්දියාවේ පර්යේෂක කණ්ඩායමක් හරිත (කොළ) පැහැති පොළොං විශේෂයක් සොයාගැනීමට සමත්වෙලා තියෙනවා. මෙයාලව අයිති වෙන්නෙ Pit Vipers කියන උප කුලයටයි.

මේ විශේෂිත පොළොං විශේෂයේ කැපී පෙනෙන කාරණයක් තමයි, පිරිමි පොළොගුන්ගේ ඔළුව දෙපැත්ත, තැඹිලි සහ රතු පාට ඉරිවලින් යුක්ත වීම.

පර්යේෂකයන් මේ අලුත් පොළගුන් විශේෂය නම් කරලා තියෙන්නෙ Salazar කියලයි. ඒ, සුප්‍රකට Harry Potter කතා මාලාවේ, Hogwarts මායා පාසලේ නිර්මාතෘවරු හතර දෙනාගෙන් එක්කෙනෙක් වන Salazar Slytherinගෙ නමින්.

මේ පොළගුන් විශේෂයව ඒ නමින් නම් කරන්නත් හේතු කිහිපයක් තිබිලා තියෙනවා. ඒ තමයි Salazar Slytherin බලවත් මායාකරුවෙක් වීම, Hogwarts පාසලේ Slytherin නිවාසයේ සංඛේතය සර්පයෙකු වීම, Salazar Slytherin ඇතුළු සමහරක් Slytherinsලට සර්පයන් සමඟ කතා කිරීමේ හැකියාව තිබීම කියන කරුණු.

* වැඩි විස්තර සඳහා : https://edition.cnn.com/2020/04/21/world/salazar-slytherin-pit-viper-trnd/index.html


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූප : www.indianexpress.com සහ www.harrypotter.fandom.com
* ඇතුළත ඡායාරූපය : www.cnn.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.