A/L Maths එක්ක ICT කළොත්?

” ගැඹුරට යනවා නම් ලොකු අවකාශයක් විවෘත වෙනවා. Maths එක්ක ICT කියන්නෙ ඉතාම හොඳයි. ඔය දෙකම හොඳට කරන්න පුලුවන් කෙනෙකුට අනිවාර්යෙන්ම ලේසිම තැන Software Engineering.

ඊට පස්සෙ එතනින් එහාට ගියාම Cyber Security, Networking, Artificial Intelligence, Machine Learning, Data Science… ඔය ඔක්කොටම විශ්ලේෂණය, තාර්කික බුද්ධිය ඕන. ඉතින් ඒ දෙකම හැදෙන හොද අංශ දෙකක් තමයි Maths & ICT කියන්නෙ.

හැබැයි කරන දේ බැහැලා, කැපවීමෙන් කරන්න. Distractions තියාගන්න එපා. හොඳට මහන්සි වුණොත් මාර්ගය විවෘත වෙනවා ඕනෑම රටක මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න. ”

? Maths වලට විතරක් නෙවේ, A/L වලට වෙනත් විෂය ධාරාවක් තෝරාගත්තත් ICT ඉතාමත් වැදගත්. අපේ සම්පූර්ණ විද්වත් සාකච්ඡාවක් මෙතනින් –

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.