Breaking News : පළමු ඡායාරූපය

July 12, 2022

NASA unveils first image from James Webb Space Telescope

Breaking News කියලා දැක්ක ගමන් මතක් වුණේ දේශපාලන තොරතුරක් නේද කට්ටියටම? නෑ නෑ මේ දේශපාලනය සම්බන්ධ දෙයක් නෙවෙයි. James Webb Space Telescope ගැන හැමෝම දන්නවානේ මේ වෙද්දී.

අමතක නම් මේ Link එකෙන් ගිහින් අපි මේ ගැන ලියපු ලිපිය කියවලා බලන්න මුලින්ම. නැත්තං මං මේ කියන දේ නිකංම නිකං දෙයක් විතරක් වෙනවා.

ඔන්න අපි හැමෝම බලන් හිටියා වගේම ගිය දෙසැම්බර් මාසයේදී කක්ෂගත කරපු James Webb Space Telescope මගින් ගත්තු පළමු ඡායාරූපය අපිට බලාගන්න පුළුවන් වුණා ඊයේ. එය elearning.lk හරහා ඔබටත් අරන් එන්න හිතුවා.

වර්ණ ඡායාරූපයක් වූ මෙය ඉතාමත් පැහැදිලි ඡායාරූපයක්. අභ්‍යාවකාශයේ ගැඹුරින්ම මෙන්ම විශ්වයේ ළදරු අවධියේ ඇතිවන මන්දාකිණිවල දුර්වල ආලෝකයන් ග්‍රහණය කර ගනිමින් ගත් මෙය ඊයේ දින (2022.07.10) ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා හා NASAහි නිලධාරින් විසින් ධවල මන්දිරයේදී උත්සවයකදී මුල්වරට හෙළිදරව් කළා.

මෙම ඡායාරූපය තුළ SMACS 0723 නම් මන්දාකිණි පොකුරක් ලෙස දක්නට ලැබුණි. එම දුරේක්ෂය තුළ තියෙන Primary Mirror එක නිසා දුර්වල හා විශ්විය දුරස්ථ වස්තුන් විශාල කර පැහැදිලිව දැක ගැනීමට හැකි නිසා මෙම පළමු ඡායාරූපයද ඉතාමත් පැහැදිලියි.

“අපි වසර බිලියන 13 කට වඩා ආපසු හැරී බලනවා” යැයි NASA පරිපාලක බිල් නෙල්සන් ධවල මන්දිරයේ පැවති උත්සවයේ දී පැවසුවා. “ආලෝකය තත්පරයට සැතපුම් 186,000 ක වේගයෙන් ගමන් කරන අතර එම කුඩා තිත් වලින් එකින් එක ඔබ දකින ආලෝකය වසර බිලියන 13කට වැඩි කාලයක් තිස්සේ ගමන් කරනවා.” ඔහු තවදුරටත් මෙසේ පැවසුවා. “අපි තවදුරටත් ආපසු යමු. මොකද මේක පළමු රූපය විතරයි.’’

@elearninglk

නව රූපය “ගැඹුරු ක්ෂේත්‍ර” නිරීක්ෂණයක් ලෙසින් හඳුන්වනු ලබන අතර දුරේක්ෂය NASA විසින් හඳුන්වනු ලබන්නේ “ආකාශයේ පැල්ලමක් බිම සිටින කෙනෙකු විසින් අතේ දුරින් රඳවාගෙන සිටින වැලි කැටයක ප්‍රමාණයට ආසන්නව” දෙස බලා සිටින විදිහටයි.

James Webb Space Telescope නිර්මාණය කර ඇත්තේ විද්‍යුත් චුම්භක වර්ණාවලියේ අධෝරක්ත කොටස නිරීක්ෂණය කිරීමට මෙන්ම, පිළිගත් හබල් දුරේක්ෂයට ප්‍රවේශ විය නොහැකි තරංග ආයාමවල ආලෝකය රැස් කිරීමටයි.

අද දින NASA’s Goddard Space Flight Center in Greenbelt හිදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ ගැන තවත් පුළුල්ව කතා කරන බවද අපිට වාර්ථා වුණා. ඒ විස්තරත් අපි මේ විදිහටම ඔබට ලද ඉක්මනින් ලබා දෙන්න සුදානම්.

අපිත් සමග ඉස්සරහටත් රැදිසිටින්න.. ජයෙන් ජය…

මුලාශ්‍ර :
The Washington Post


Click on the Image

ජාතික වෘත්තිය පුහුණු ආයතනය මගින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව ඩිප්ලොමාවක් හදාරා ඇති ෂර්මිලා බොවිතන්ත්‍රි, එම අංශයෙන්ම වැඩි දුරටත් උසස් අධ්‍යාපනය හදාරමින් eLearning.lk ආයතනයේ මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශයට සහ පාරිභෝගික සේවා අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි. ෂර්මිලා ඇයගේ ධනාත්මක චින්තන ලිපි තුළින් වැටුනු හදවත්වලට හුස්මක් දී නැවත ජවයෙන් නැගීසිටින්නට ඔවුන්ගේ හදවත්වලට කතා කරන්න සූදානම්... ඒ වගේම ඉතා සරලව ලාංකීය සහ ලෝක ඉතිහාසය ඇයගේම තෙලි තුඩෙන් වර්ණ ගන්වන්නත් සූදානම්....