ස්ටාලින්ට කණට ගහපු අගමැති | Joseph Stalin & Peljidiin Genden – Chamara Sumanapala

සෝවියට් දේශයේ හිටපු නායක ජෝසෆ් ස්ටාලින් කියන්නෙ සෙල්ලම් චරිතයක් නෙවෙයි. තම විරුද්ධවාදීන්ව ඔහු විසින් මර්ධනය කෙරුණ ආකාරය ගැන ඓතිහාසික කතා බොහෝයි. නමුත් එක්තරා ආසියාතික රටක අගමැතිවරයෙක් ඔහු සමග ලොකු වාදයකට පැටළුණා. ඒ වගේම ස්ටාලින්ට පහර දුන්නා කියලත් කතාවක් තියෙනවා. අද #biofacts පළමු වැඩසටහනෙන් අපි කතා කරන්නේ ඒ ගැනයි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.