ධාතුසේන රජතුමාගේ නිධානය

මෙයයි මා රැස් කළ නිධානය – ඒ, ධාතුසේන රජතුමා විසින් තමන්ගේ පුත් මහා කාශ්‍යප අතින් ඝාතනය වීමට පෙර ප්‍රකාශ කළ අවසන් වාක්‍යයි.

එම ප්‍රකාශය තුළින් ජනතා සේවයේ, කෘෂිකර්මාන්තයේ, වාරිකර්මාන්තයේ සහ ජලයේ ඇති වැදගත්කම රජතුමා විසින් මැනවින් වටහාගෙන සිටි බවට බොහෝමයක් ඉතිහාසඥයන් ප්‍රශංසා කරනු ලබයි.

ඇතැම් ඉතිහාසඥයන්ගේ මතය වන්නේ ධාතුසේන රජතුමා විසින් කලා වැව් පතුලේ සැබැවින්ම නිධානයක් තැන්පත් කර තිබූ බවත්, දෑත් දිගු කර නිධානය පෙන්වූවත්, කාශ්‍යප කුමාරයා විසින් එය වරදවා වටහා ගත් බවයි.

අතීතයේ අවුකන ප්‍රතිමාවේ නේත්‍රා වලට මැණික් ඔබ්බවා තිබූ බවත්, නේත්‍රා වලට පතිත වන හිරු කිරණ පරාවර්ථනය වී කලා වැවේ එක් ස්ථානයකට පතිත වූ බවත්, එම ස්ථානයේ පතුලේ නිධානය තැන්පත් කර තිබූ බවත් ජනප්‍රවාදයේ කියවේ.

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...