අළු ගොඩේ බල්ලා

November 20, 2023

දකුණු ඉන්දීය නායක්කාර් වාංශික හින්දු රජ කෙනෙකු වූ මහනුවර රාජධානියේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා, පසු කාලයක බුදු දහම වැළද බෞද්ධ රජ කෙනෙකු බවට පත්ව බුදු සසුන බැබළවීය.

බුදු දහම වැළද ගත්තද සෑම උදෑසනකම දෙවියන් වැද, ස්තෝත්‍ර ගායනා කර නළලේ අළු ගා ගැනීම ඔහුගේ සිරිතක් විය. බෞද්ධ රජ කෙනෙකු මෙවැනි චාරිත්‍ර නොකළ යුතු බවට වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් කොතෙකුත් අවවාද කළද රජතුමා ඒ පිළිබඳව තැකීමක් කළේ නැත.

“මහා වාසලට යමක් කීවට පිළිගන්නේ නෑ. අළු ගොඩේ ඉන්නෙ බල්ලො”… දිනක් නා හිමියන් රජතුමාට මෙලෙස කිවේය.

පසුදින සිට රජතුමාගේ නළලෙ අළු දක්නට ලැබුනේ නැත.

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...