කොන්ස්තන්තින් රකසොව්ස්කි | Konstantin Rokossovsky – Bio Map with Chamara Sumanapala

ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂක සහ ලේඛක, චාමර සුමනපාල මහතා, ලෝ සුපතල චරිත පිළිබඳව eLearning.lk සමඟ ගෙන එන Bio Map වැඩසටහනේ 46 වන වැඩසටහන… අද අපේ කතාව සුප්‍රකට දෙවන ලෝක යුධ සමයෙහි සෝවියට් දේශයේ මාර්ෂල්වරයකු බවට පත්ව පසු කලෙක පෝලන්තයේ ද මාර්ෂල්වරයකු වූ කොන්ස්තන්තින් රකසොව්ස්කි ගැනයි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.