ලොව භයානකම පොත?

ලොව භායනකම සටහන් පොතේ හිමිකාරිය වන්නේ ලෝක පූජිත විද්‍යාඥවරියක් වන මාරි කියුරිය. මාරි කියුරි ජීවිතයේ වැඩි කලක් විකිරණ සමග පරීක්ෂණ කළ අයෙකි. ඇය ඇයගේ සියළු පරික්ෂණවල තොරතුරු සටහන් ගත කර තිඛෙන්නේ මෙම සටහන් පොතේ බැවින්, මෙම පොත තුළින් තවමත් විකිරණ පිටවෙයි.

විද්‍යාඥයන්ට අනුව එම විකිරණ පිටවීම තවත් වසර 1500ක් ගත වන තුරු අඛන්ඩව සිදු වනු ඇත. එම පොත අදටත් ඉතාමත් ආරක්ෂිතව තිඛෙන අතර එය කියවීමට සුවිශේෂි ආරක්ෂිත ඇදුමක් සහ විශේෂ කුටියක් භාවිතා කළ යුතුයි. මීට අමතරව ඇය භාවිතා කළ ඇදුම්, ආභරණ, නිවස, කෑම පිසූ උපකරණ ආදිය අදටත් ඉතාමත් අධි ආරක්ෂාකාරී ක්‍රම ඔස්සේ සංරක්ෂණය කර ඇත.

මේ සම්බන්ධව eLearning.lk අපි සම්පාදනය කරපු ලිපිය මෙතනින් – https://elearning.lk/blog/the-first-woman-to-win-a-nobel-prize-marie-curie

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...