YouTube සංවත්සරය (2005)

April 23, 2018

අන්තර්ජාල පරිශීලකයන් අතරේ YouTube ගැන නොදන්න කෙනෙක් නම් ඉන්න විදිහක් නෑ. අපි කොයි කවුරුත් ඕනෑම Video එකක් බලන්න පිවිසෙන්නෙ YouTube එකටයි. ඔයාලා මේ දකින්නෙ YouTube එකේ පලවුණු පළවෙනිම Video එකයි. මේ Video එක නම් කරලා තියෙන්නෙ “Me At Zoo” (මම සත්තු වත්තේ) කියලයි.

මේක පල කරලා තියෙන්නෙ YouTube සමාගම නිර්මාණය කරපු “ජෝව්ඩ් කරීම්” (Jawed Karim). මේ Video එකේ ඉන්නෙත් එයාම තමයි. තත්පර 18ක කෙටි ධාවන කාලයක් සහිත මේ වීඩියෝව, YouTube එකේ පල කරලා තියෙන්නෙ 2005 අවුරුද්දෙ අප්‍රේල් 23 වෙනිදයි.

මේ Video එකේ තියෙන්නෙ “ජෝව්ඩ්” සැන්ඩියාගෝ සත්වෝද්‍යානය බලන්න ගියපු මොහොතක, අලි ඇතුන්ගේ ප්‍රදර්ශන ස්ථානය ඉදිරිපිටදි, “ජෝව්ඩ්”ගේ යාළුවෙක් රූගත කරපු දර්ශනයක්.

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.