සැකය

“දවස් කීපයක් වෙනවා නේද msg එකක් දාලා මහත්මිය, මොකද්ද කියන්න තියෙනවා කිවේ.“??

“එහෙමයි, කියන්න හදපු දවසට වඩා දැන් සිද්ධිය බරපතලයි හාමුදුරුවනේ…“?

“අහ්… කියන්නකො බලන්න සිද්ධිය විස්තරාත්මකව.“?

“මම බැදලා මාස තුනක් විතර වාගේ වෙන්නේ හාමුදුරුවනේ…, ඉස්සර ඉදලාම එයාගේ මේ වැඩ තිබුණා. මම හිතුවේ ඒ ආදරය නිසා වෙන්නැති කියලා. මාව පරිස්සං කරනවා හරියට, කියලා. එත් දැන් නම් හිතෙන්නේ එයාට මොකක් හරි ලෙඩක් වෙන්නැති කියලාමයි…“ ඇය කීවාය.?

“මොකද්ද ඉතිං ලෙඩෙ කියලා අදහස් කරේ.??

“සැකය… එයාට මං ගැන හරිම සැකයි.“?

“මොනවාගේ සැකයක් ගැන ද කියන්නේ…“

“ඊයේ එයා ලක්ෂ 3කට වැඩියෙන් ණය වෙලා වියදම් කරලා, ගේ ඉස්සරහා වටෙට වාගේම සාලෙටත් camera හයි කරා. මේ වෙලාවේ ඒක අනවශ්‍යම වියදමක්. ඒක කරේ ආරක්ෂාවට නෙවෙයි. මං ගැන බලන්න.“?

“ඒ තරම් සැක ද??

“එහෙමයි… පෙරේදා දවසේ වෙච්චි රණ්ඩුවෙන් පස්සේ තමයි ඒ දේ වුනේ. එයා තමයි උදේට හැමදාම මිදුල අතුගාලා යන්නේ. මට කියලා තියෙනනේ පහුවදා එයා අතුගානකල් අතුගාන්න එපා කියලා. “

“ඉතිං හොදයිනේ.“?

“නෑ හාමුදුරුවනේ… ඒක කරලා තියෙන්නේ… ගෙදර වාහන එනවාද කවුරුත් ඇවිදන් එනවාද කියලා දැනගන්න. එයා වැඩ ඇරිලා ආපු ගමන් මිදුල වටෙ ඇවිදින එක, මං ගැන තියෙන සැකේට කරපු වැඩක් කියලා මම පේරේදා තමයි දැනගත්තේ. “?

“ඒ කොහොමද?“

“මගේ නෑදෑයො වගයක් ඇවිල්ලා ගියා, මට ඒක දන්නවලා ආපු ගමනක් නෙවෙයි එයාලා, මගේ පිරිමි නෑයො 3ක්මයි ආවෙත්. ඉතිං… මෙයා පෙරේදා හවස, ගෙට ගොඩවුනේම කවුද ගෙදරට ආවේ කියාගෙන, මම බැලුවේ කොහොමද මෙයා ඒක දැනගත්තේ කියලා…

බැලින්නම් මෙයා මිදුල අතුගාන්නේ උදේට, වාහන හරි සපත්තු අඩි හරි තියේවි, එතකොට ආවේ කවුද කියලා දැනගන්න…“?

“අප්පේ… ඉතිං..“?

“ඉතිං මෙයා ඉස්සර ඉදලම කැමැති නෑ මම පිරිමි යාලුවො ඇසුරු කරනවාටවත්, ඒ ඉතිං ආදරේටනේ… එත් දැන් කියනවා පිරිමි නෑදෑයොත් එපාලු ඇසුරු කරන්න. ඉතිං පෙරේදා රණ්ඩුව පටන් ගත්තෙ ඕකට…“?

“අහ්… ඉතිං ගැහුවද?“?

“ගැහුවා විතරක් නෙවෙයි හාමුදුරුවනේ… මරණවා කියලාත් කීවා… ඒකයි මම හාමුදුරුවන්ට කතා කරන්න හිතුවේ…“


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

“අහ්… කලින් ඔහොම නැද්ද?“?

“කලින් කියන්නේ… යාලු වෙච්චි කාලේ ඉදලාම ඉතිං මට නොයෙකුත් නීති දැම්මා. ඒවා ඉතිං ආදරෙටනේ හාමුදුරුවනේ… කෙල්ලො කැමැතිනේ එහෙම පරිස්සං කරනවාට. යාලු වුනාට පස්සේ හැමදාම එයා තමයි මාව වැඩට එක්ක යන්න- එන්න ගත්තෙ.“♥️

“සමහරදාට එයාට වැඩ තියෙනකොට මට බස්වල යන්න එපා. taxi එකකම යන්න කියලා බල කරන්න ගත්තා. අපරාදේ රු 1200 විතර නිකම් වියදම් වෙනවා. බරපතලම වැඩේ තමයි ඒ යනකල් මම video call එකේ ඉන්න ඕනි එයා එක්ක. කතා කරන්නේ නැ. නිකම් ඔන් කරලා තියාගෙන ඉන්නවා…“?

“ඒක අසාමන්‍ය තත්ත්වයක් කියලා ඒ දවස්වල හිතුනේ නැද්ද?“?

“එහෙම ඒක අසාමන්‍ය නෑනේ හාමුදුරුවනේ. ඒ කරන්නෙ පරිස්සං කරන්නනේ…“♥️

“හිකිස්… ඉතිං ඉතිං. ??

“ඊට පස්සෙ රස්සාව කරන වෙලේට උනත් සැරින් සැරේ ගන්නව. ඒ හැමසැරේම. video calls. ඉතිං මං answer නොකලොත් බැනුම් අහන්න බලාගෙන ඉන්න ඕනි. office එකේ තව ගෑනු ලමයෙක් හිටියා. ඒයාටත් එයාගේ හාමුදාවේ ඉන්න boyfriend video call මයි ගන්නේ. ඒ නිසා මේක සාමාන්‍ය දෙයක් කියලා හිතුවේ.“?

“හි… ඉතිං ඉතිං“??

“ඊට පස්සේ trip එකක් යන්න සිද්ධවුනා, office එකේ කට්ටිය එක්ක. එයා කිවා කොහොමත් යන්න දෙන්න බැ කියලා. මම එයාට හොරෙන්ම පිටත් වුනා. මම ඒ දවසම එයාගේ call answer කරේ නැ.“?

“අන්තිමට අපේ ගෙදරටත්, office එකටත් ඇවිල්ලා යකා නටලා, අන්තිමට මට සිද්ධ වුනා රස්සාවෙන් අස්වෙන්න. ඒ වෙනකොට අපේ ගෙවල්වලිනුත් සම්බන්ධයට කැමැත්ත තිබ්බ නිසා, ගෙදරින් කිවේ, බදින්න ඉන්න මිනිහා කියන දේ අහන්න කියලා…“?

“රස්සාවෙන් අස්වෙලා ගෙදර ඉද්දි, calls එන එක අඩුවුනා… එත් හදිස්සියේ ගන්න call එක answer නොකරොත් බලු බැනුම් අහන්න වෙනවා. ගෙදර ද ඉන්නේ කියලා වට පිටාව එක්කම පෙන්වන්නත් ඕනි. කොහේ හරි යනවානම් එයා එක්කම විතරයි. හැබැයි ඉතිං යන්න ඕනි කියන ඕනෑම දිහාක එයා එක්ක යනවා..“?


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

“බැන්දට පස්සේ රෙදි හෝදන කවන පොවන වැඩත් එයා කරන්න ගත්තා හාමුදුරුවනේ… මට පුදුම විදිහට ආදරෙයි…“?

“එත් දැන් නම් හිතෙනවා… ඒක හොදටම වැඩි කියලා. ආදරේට වඩා, මම වෙන කවුරු හරි එක්ක යාවි කියලා බයක් තියෙන පාටක් තියෙන්නේ.“?

“දැන් මේ මාස තුනටම මට මේ ගෙදර හිර කූඩුවක් වාගේ වෙලා, කොහේටවත් යන්නත් නැ. එයාට සැනසිල්ලකුත් නැ. දැන් camera හයිකරගෙන… මට හිතෙන්නේ මෙයාට මොකක් හරි ලෙඩක් වාගේ හාමුදුරුවනේ. මොකද්ද මම මේකට කරන්නේ.??

“මම number එකක් දෙන්නම්, කොහොමහරි එතැනට එක්ක යන්න, ඕක බෙහෙත් ගන්න ඕනි මට්ටමේ ලෙඩක්.“?

සටහන
?Morbid jealousy. (ලිංගික මාත්සර්යය- දැඩි සැකය)

?ගැහැනු සහ පිරිමි සම්බන්ධතා වල යම් යම් මට්ටමකින් සැක කිරීම් ඇත. එය ගැහැනුන්ටත් මිනිස්සුන්ටත් පොදුවේ ඇති කරුණකි. විශේෂයෙන්ම බිරිඳ විසින් සැමියාද, සැමියා විසින් බිරිඳ ද යම් මට්ටමකට සැක කරනු ලැබේ. විටෙක එය සබඳතා රැකීමට හේතුවකි. එහෙත් මේ ඉහත දක්වන මට්ටමේ සැක කිරීම යනු ලෙඩකි. එය උපදේශනයෙදී හදුන්වනු ලබන්නේ morbid jealousy නාමයනි.

? නුගත් කම නිසාවෙන් සමහර ගැහැනු ලමුන් ප්‍රේම කරණ අවධියේදි යොදනු ලබන අධික නීතිරිති හා සොයා බැලීම්, “ආදරය“ යැයි වටහා ගනු ලැබේ. විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නා සිසුවියට, චාරිකාවක් යාම සදහා නිවසෙන් අවසර ලබා දෙන නමුත්, පෙම්වතාගෙන් අවසර නොලැබේ. මව් පියන්ට තම දියණිය විශ්වාස වන්ත වන අතර, එයාගේ ලිංගිකත්වය ගැන මව්පියන්ට තෘෂ්ණාවක් නැත. එහෙත් පෙම්වතාට, ඇය විශ්වාස වන්ත නොවන අතර, ලිංගිකත්වය වශයෙන් එම ඊර්ෂ්‍යාව ක්‍රියාත්මක වේ. චාරිකාවක් ගොස් රැයක් පිට හිටියොත් ලිංගිකවශයෙන් නිදහසක් ලබාවි යන මතය පෙම්වතුන්ගේ මනසේ ඇත්තෙ එම නිසාය.

? දෙමාපියන් දෙන නිදහස පෙම්වතුන්ගෙන් සහ පෙම්වතියන්ගෙන් නොලබන්නේ, ඔවුන් ලිංගික අවයව වලට, ප්‍රේම කරන බැවිනි. එය ආදාල පුද්ගලයාට වඩා , අවයව වලට කරන ප්‍රේමයක් වූ විට නිදහස දැඩි ලෙස අහිමි කිරීම සිදු කරනු ලැබේ.

?දුරකථන ආදිය පරීක්ෂා කරමින්, පාස්වර්ඩ් ඉල්ලාගනිමින් ඔවුන් ඒ කරනු ලබන්නේ ලිංගික මසුරුබව ඉදිරියට පවත්වාගෙන යාමයි.
“සබ්බෙ පුථුග්ජනා උම්මත්තකා විය දිස්සන්තෙ“ – සියලු පෘතග්ජනයන් උමතු වූවන් සේ පෙනෙනු ලැබේ. (මෙය අමතක නොකරන්න)

? ගැහැනු පිරිමින් හදවතට ප්‍රේම කිරීම පසෙක තබා, ලිංගයන්ට ප්‍රේම කරන්නට ගත්විට එම ගැටලු කාරී තත්ත්වය අර්බුදයක් වේ. අවසන මරණයෙන් කළෙවර වන්නේ ද එම තත්ත්වයි.

? මෙවැනි ලක්ෂණ ඇති අයගෙන්, වහාම ඉවත් වෙන ලෙස මාගේ අවවාදය වේ. ඔබ කැමැති සිගරට් අරක්කු නොබොන කෙනෙකුට නම්, ඔබට කොයි තරම් ආදරය වුවත්, සිගරට් අරක්කු බොන කෙනෙකු, නොබොන කෙනෙක් බවට පත් කිරීමට වඩා, කිසිදාක සිගරට් අරක්කු නොබොන පුද්ගලයෙකු තෝරා ගැනීම උචිතය. ඒ ලෙසින්ම මේ ගැටලුව ගැන ද බැලිය යුතුය. පුද්ගලයන් පුනරුත්තාපනය කරන්නට ඔබ සුදුසු නැත. ප්‍රකෘතියෙන්ම ගැටලු අවම අය අප ඇසුරට සොයා ගත යුතුය.

? නම්ගම් සියල්ල මන:කල්පිතය. සත්‍ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්‍යතාවය පිණිස, අනන්‍යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න.

කොළඹ සහ කැළණිය විශ්වවිද්‍යාලයන්හි සහාය කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ පූජ්‍ය හෙරලියාවල රතනතිස්ස හිමියන් මේ වන විට තායිලන්තයේ ධම්මකාය බෞද්ධ විශ්වවිද්‍යාලයේ ධම්මකාය (DCI) ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ පර්යේෂණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියි. උන්වහන්සේ eLearning.lk බ්ලොග් අඩවිය සඳහා මිනිස් මනස සහ මනෝ උපදේශන සේවාවන් සම්බන්ධව ලිපි සම්පාදනය කරනු ලබයි.