වටිනාම නත්තල් දිනය?

December 28, 2021

පළමු ලෝක යුද්ධය ආරම්භ වී මාස පහක් ගත වූ පසු එළඹි 1914 දෙසැම්බර් මස 25 වන දින උදා වූ නත්තල් දිනය, ලෝකවාසී සියලු ජනතාවගේ වැඩි අවධානයක් දිනා ගැනීමට සමත් වූ නත්තල් දිනයක් විය.

මීට හේතුව වූයේ ප්‍රංශය සහ ජර්මනිය හරහා නිර්මාණය වූ බටහිර පෙරමුණේ සිටි බොහෝමයක් මිත්‍ර පාක්ෂික හමුදා සහ ජර්මානු හමුදා අතර නිළ නොලත් සටන් විරාමයක් ඇති වීමයි.

නත්තල් දින නිමිත්තෙන් දෙපාර්ශවය අතරේ වූ යුධ ගැටුම් නතර වූ අතර දෙපාර්ශවයේම පිරිස් තම යුධ අගල් වලින් පිටතට පැමිණ විරුද්ධ පාර්ශවයේ සෙබළුන් සමග සුහදව කතා බහ කරමින්, කැරොල් ගීත ගායනා කරමින්, කෑම බීම සහ මතක සටහන් හුවමාරු කර ගනිමින්, පාපන්දු වැනි ක්‍රීඩා වල නිරත වී තිබිණි.

———————————————————————
මේ සම්බන්ධව eLearning.lk අපි නිර්මාණය කළ සම්පූර්ණ වාර්තාමය වැඩසටහන

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...